IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩී.එස්. ගුරු තිදෙනා නිදහස්

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුවකුට පහරදීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගුරුවරුන් තිදෙනකුට කොළඹ මහාධිකරණයෙන් නියම කළ අවුරුදු දෙක බැගින් වූ සිරදඬුවම ඉවත් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය ගාමිණී එදිරිසූරිය, එම්.ඒ.ඩී.ශාන්ත කුමාර පෙරේරා සහ ඒ.එම්.ආරියපාල යන තිදෙනා චෝදනාවලින් නිදොස් කර නිදහස් කරනු ලැබූහ.

විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතාගේ එකඟත්වයෙන් විනිසුරු එච්.එන්.ජේ.පෙරේරා මහතා මේ තීන්දුව ප්‍රකාශ කළේය.

17 හැවිරිදි සිසුවකුට ඔහුගේ මව බලා සිටිය දී ම 2004 ජනවාරියේ දී පහරදුන් බවට ඔවුහු වරදකරුවෝ වූහ.



අදහස් (0)

ඩී.එස්. ගුරු තිදෙනා නිදහස්

සුසන්ත Friday, 04 December 2015 02:25 AM

ගුරුවරුන්ට දඩුවම්කර ජාතියක් ගොඩනගන්න්නේ කෙසේද ? අකීකරු සිසුන්ටදඬුවම් කල යුතුවේ .(රේ)

:       0       0

තිළිණ Friday, 04 December 2015 02:38 AM

සුසන්ත හරි (නි)

:       0       0

නිල්මිණි Friday, 04 December 2015 02:50 AM

සුසන්ත, දැන් ඔය ඉතින් දඩුවම් කරලා අපි හදාගෙන තියෙන්නේ අපූරු විනය ගරුක ජාතියක්.(රේ)

:       0       0

රාජිත Friday, 04 December 2015 03:19 AM

මේ මිනිස්සුන්ට පිස්සු. අපිට ගහපු ගුරුවරුන්ට අපි තාමත් ආදරයෙන් සලකනවා. ඒගොල්ලෝ හින්ද තමා අපි මෙහෙම හරි ඉන්නේ. ගුරුවරු මෙහෙම නිදහස් කරපු එක අගය කරනවා (රේ)

:       0       0

බුද්ධික Friday, 04 December 2015 04:12 AM

අපිට ගුරුවරු ගහපු විදියට ඔවුන් එහෙනම් එල්ලුම් ගස් ගොස් ඇති. අපිව යහමඟට ගත්තේ ඔවුන්ය (නි)

:       0       0

ශාන් Friday, 04 December 2015 04:24 AM

නැද්ද අර අපේ සේනාවන් එහෙම මේවට විරුද්ධවෙන්න? (නි)

:       0       0

නුවන් Friday, 04 December 2015 04:39 AM

මමත් ගුරුවරයෙක්. මම නම් මගේ ඉස්සරහ ළමයි මොනවා කළත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ඇයි නිකන් ප්‍රශ්න ඇතිකර ගන්නේ? දෙමාපියෝ බලන්නෙත් වැරදියට. නීතිය බලන්නෙත් වැරදියට. ළමයි බලන්නෙත් වැරදියට. ඉතින් ඇයි අපි වැරදිකාරයෝ වෙන්නේ? (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 04 December 2015 04:48 AM

මේ ශාන්ත කුමාර සර්, මගේ උසස් පෙළ ව්‍යවහාරික ගණිත ගුරුවරයා කියා මට කටපුරා කියන්න පුළුවන් කෙනෙක්. සතයක් ගන්නේ නැතුව අමතර පංති දමාගෙන උගන්නපු ගුරු පියෙක්. අද අපි රටවල් වල ඇවිල්ලා , මේ විදියට ජීවත්වෙන්නේ ඒ මිනිස්සු අපිට දුන් විෂය දැනුම වගේම ජීවිතේ පිළිබද දැනුම නිසා. මේ සිද්ධිය නිසා මෙතුමා බරපතල විදියට මානසිකව කඩාවැටුණු බව ආරංචි වුණා. මේ ළමයින්ට නෙමෙයි මම නම් ගහන්නේ, මේ වගේ දෙයකට උසාවි පොලිසි ගිය අයගේ දෙමාපියන්ට (නි)

:       0       0

රන්ජිත් Friday, 04 December 2015 06:20 AM

මම නම් දකින්නේ පොලිසියේ වැරැද්ද ඔවුන්ට තිබුණා මෙම ප්‍රශ්නය සමත මණ්ඩලයට දාන්න. ගොඩින් බේරගන්න තිබූ දෙයක්. දෙමාපියන් අාවේගශීලිව පැමිණිලි කළාට සමත මණ්ඩලයේදී මේක විසදගන්න තිබුන. දැන් අර ගුටිකෑව කියපු සිසුවා හොදට ඉගෙනගෙන සමාජයට වැඩදායක පුද්ගලයකු වෙලාද? මට හිතෙන විදියට නම් ඔහු දැන් ඇත්තේ ආණ්ඩුවේ බෝඩිමේ. (බ)

:       0       0

අමා Friday, 04 December 2015 07:30 AM

මේ දෙමාපියන් අර ...පාලනේ කට්ටිය වෙන්න ඇති මොකද හැම දෙයටම උසාවි යනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site