IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්යය සහයකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 3000 ක් සමගය.

සැකකාර කාර්යාල කාර්ය සහයකයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

ඉකුත් 2 වෙනි දින කොලොන්නාව ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පිනියකගේ වට්සැෆ් ගිණුමට " ඔයා ඔය ජොබ් එක පරෙස්සමෙන් කරගන්න" යනුවෙන් කෙටි පණිවිඩයක් ලැබී ඇති අතර ,එය දුටු රූපලාවන ශිල්පිණියගේ සිත බයෙන් තිගැස්සී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරුව එම පණිවිඩය කාගෙන්ද යන්න රූපලාවන ශිල්පිනිය විසින් දුරකථනය පරීක්ෂා කිරීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිල ඇඳුමෙන් සැරසුණු අයකුගේ බව දැක ඇත.

එම රූපලාවන ශිල්පිනියට ඒ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නඩුවක සැකකාරියක්ව සිටින බැවින් ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ යම් නිලධාරියෙක් කිසියම් හෝ පණිවිඩයක් තමන් වෙත දැන්වූවාදැයි යන සැකයෙන් වට්සැප් තාක්ෂණය ඔස්සේ එම ගිණුමට ඇමතුමක් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

එහිදී පවසා ඇත්තේ රූපලාවන ශිල්පිනිය හට රතු නිවේදනයක් අත්සන් කිරීමට සූදානමින් සිටින බවත් එය අත්සන් කළහොත් ඇයට බන්ධනාගාර ගතවීමට සූදානම් වී සිටින ලෙසත් , එය වළක්වා ගැනීමට අවශ්‍ය නම් රුපියල් 50000/= ක මුදල ලබා දෙන ලෙසත් , එය ලබා නොදෙන්නේ නම් හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවීමට සිදුවන බව දන්වා ඇයට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

එදින රුපියල් 50000/= මුදලක් ලබාදීමට නොහැකි තත්ත්වයක සිටි රූපලාවන ශිල්පීනිය මහත් අසරණභාවයට පත්ව එය රුපියල් 25000/= දක්වා අඩු කර ගැනීමට කටයුතු කර ලබා දුන් ගිණුම් අංකයට මුදල් බැරකර ලදුපතේ ඡායාරූපයක් වට්සැප් තාක්ෂණය ඔස්සේ වට්සැෆ් ගිණුමට යොමු කිරීමටද කටයුතු කර ඇත.

අනතුරුව මඳ වේලාවකදී රූපලාවණ්‍ය ශිල්පිනිය ඇමතු පොලිස් නිලධාරියා යැයි කියු සැකකාර පුද්ගලයා රූපලාවණ්‍ය ශිල්පිනියගේ මිතුරියගේ ඡායාරූපයක් ඇය වෙත වට්සැෆ් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇයගේද දුරකථන අංකය ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත එම පුද්ගලයා සමග තවදුරටත් දුරකථනය හා සම්බන්ධ නොවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.

ලද පැමිණිල්ල අනුව සිදුකළ විමර්ශන වලදී කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් වට්සැප් ගිණුම සකස් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඡායාරූපයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ විවේක කාමරය තුළදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් සිදුකළ විමර්ශන වලදී සැකකරු වට්සැප් ගිණුම සඳහා භාවිතා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඡායාරූපය අන්තර්ජාලයෙන් ලබාගෙන ඇති බවත්, දුරකථන අංකය ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවේ රියදුරකුට අයත් සිම්පතක් බවට අනාවරණය වූ බවත් මුදල් තැන්පත් කරවාගෙන ඇත්තේ එම ඩිපෝවේ ම ලිපිකරුවෙකුට අයත් බැංකු ගිණුමකට බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරු එම රියදුරාගේ සහ ලිපිකරුගේ , දුරකථන සිම්පත සහ බැංකු ගිණුම භාවිතා කර ඇත්තේ ඔවුන් දෙදෙනා නොමඟ යවමින් බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site