(ඉන්දිකා රාමනායක)
ඩොලර් අර්බුදයක් රටේ පවතින අවස්ථාවක බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47.000 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබු ඩොලර් වල වටිනාකම රුපියල් 1, 71,55,000.ක් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම උණ්ඩියල් ක්‍රමයට සිදු කරන මුදල් ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකයේ 01 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
මුදල් සමඟ එක් සැකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට ආධාර අනුබලදීම යටතේ සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් වෙන්නේ විදේශගත ්ශ්‍රමිකයන් හා අපනයනකරුවන් ලංකාවට ඩොලර් කියන එක නවතිනවා. ලංකාවේ බැංකු කඩාවැටීමේ අවදානම වැඩියි. රුපියල තවදුරටත් බාල්දු වීමේ හැකියාවත් වැඩි. මේකෙන් වෙන්නේ තවදුරටත් ඩොලර් ලැබීම නැවතිණ එකයි.
ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගැනීමට ගොස් උන්ඩියල් හවාලා වැනි නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රමවලට පෙළඹීමෙන් රටතුළ ඩොලර්, කළුකඩ පෙරටත් වඩා හොඳින් වර්ධනය විය. මේ ක්‍රමය වහා නැතිකර බැංකු ක්‍රමය තුළින් මුදල් හුවමාරුකිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතිකළ යුතුයි. ඩොලර් අර්බුදය විසඳීමට මෙයද අතිශයින් වැදගත් ක්‍රියාමාර්ගයකි.
මහන්සිවෙලා හම්බකරන ඩොලර් ලංකාව ට ගෙනල්ලා උපරිම මුදලකට මාරු කර ගන්නයි මිනිසුන් රට තුලට ඩොලර් ගේන්නෙ.
ඩොලර් රුපියල් කරන අය අල්ලන්න ඕනේ නම් කටුනායක එයාර් පොට් එකට යන්න. සර් ඩොලර් තිබෙනවාද කියලා අහන ගොයියෝ ඕන තරම් ඉන්නවා.