IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඩිජිටල් සේවා 18කට ‘වැට්’ බදු

(යොහාන් භාසුර)

මෙරට තුළ කරන ඩිජිටල් සේවා සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් ‘වැට්’ බදු ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට අයකරන බවත් ඒ අනුව ඩිජිටල් සේවා 18 ක් සැපයීම වෙනුවෙන් එදින සිට සියයට 18 ක වැට් බදු අනුපාතිකයකට යටත් වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා ‘වැට්’ බදු අයකරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම මස 1 වැනි දින පළ කළ අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවිය යුතුය.

එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රුපියල් මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රුපියල් මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති පුද්ගලයන් ලියාපදිංචිවීම අනිවාර්ය වේ. 



අදහස් (1)

ඩිජිටල් සේවා 18කට ‘වැට්’ බදු

යෝගා Monday, 07 July 2025 07:34 PM

හොරා කාලා උගන්ඩාවේ යවපු ඩොලර් ගෙනැල්ලා රට සුඛිත මුදිත කරනවා කියලා රවට්ටපු තරුණ පරම්පරාවට තමයි මේ බද්දෙන් හිල් වෙන්න ටොක්ක ඇනලා තියෙන්නේ. යන්තම් ඔලුව උස්සගන්න හදන අයට මෙහෙම කලාට ආණ්‌ඩුවේ ගජමිතුරු බිස්නස්කාරයින්ට ප්‍රකෝටි ගණන් ලාභ ගන්න චාන්ස් දෙනවා. ඔහොම යංකෝ...!

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site