( රොමේෂ් මධුෂංඛ)
යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේදී පසුගිය 22 වනදා නිවසක් තුලදී සිදුවූ තියුණු ආයුධ පහරදීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිට වයෝවෘද්ද කාන්තාවද ඊයේ (27) මිය ගොස් ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පවසයි.
අදාල කාන්තාව අවුරු 100 ක් වයසැති පූරණම් නැමති මෙම වයෝවෘද්ද කාන්තාව බරපතල තුවාල සහිතව ඩෙල්ෆ් රෝහලට ඇතුලත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.
පසුගිය 22 වනදා නිවසකට ඇතුල් වූ අයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකල පහරදීමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දෙදෙනකු මිය ගොස් සිටියදී මළසිරුරු ඩෙල්ෆ් පොලීසිය විසින් සොයාගත් අතර එහිදී අවුරුදු 100 ක් වයසැති කාන්තාවද බරපත කැපුම් තුවාල සහිතව සිහිසුන්ව සිටියදී පොලීසිය විසින් රෝහල්ගත කරනු ලැබීය.
කේසේ වෙතත් අදාල ඝාතකයා රන්ආභරණ කොල්ලකෑමට පැමිණීමෙන් නිවැසියන් ඔහුව හඳුනාගැනීම හේතුවෙන් මෙම මරණයන් සිදුකොට ඇතැයිද ඝාතකයා යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇතැයිද පරික්ෂණ සිදුකරන ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩෙල්ෆ් සිද්ධියේ සීයේ ආච්චිත් මරුට
Janaka Friday, 28 April 2023 01:59 PM
දාහේ ආච්චිට මොකද වුනේ?