IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (23)විද්‍යූත් තැපෑලෙන් (ඊමේල්) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා යොමුකර තිබේ. ඩිල්ෂාන්, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් තුනේම නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් තමන් තව දුරටත් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරන බවත් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් දැනුම්දී තිබේ.



අදහස් (0)

ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

saga Tuesday, 24 January 2012 10:29 PM

ඩිල්ෂාන් ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්. පරාජයන්ට පමණක් ඔබ වගකිව යුතු නැහැ. තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයේ වැරැදිත් ඔබගේ පිටින් යවන්න හදන්නෙ

:       0       0

amila Wednesday, 25 January 2012 02:54 PM

ඩිල්ෂාන් ඔයා කරපු සේවය ඇති විසිස්ටය්. තව කරන්ඩ ගොඩක් දේවල් තියෙනවා ඔයාට ලංකාව වෙනුවෙන්.

:       0       0

චමින්ද කොස්තා Thursday, 26 January 2012 12:17 AM

කවුරු මොනව කිව්වත් තරුණ අයත් එක්ක මෙපමණ දුරක් ගෙන ඒම ගැන සතුටුයි. ඔබ හොදින් ඔබගේ කාර්යය ඉටුකළා

:       0       0

ඇත්ත Monday, 23 January 2012 08:41 PM

දැන්වත් බැරි බව තේරුම් ගැනීම වටිනවා

:       0       0

ශිරාස් Monday, 23 January 2012 09:01 PM

තරග පැරදුනේ ඩිල්ෂාන් නිසා නෙමෙයි. දේශපාලන ක්‍රිකට් නිසා. අපි ඩිල්ෂාන්ට ස්තූති වෙන්න ඕනා ලංකාව අසීරු තත්ත්වයක සිටින විට නායකත්වය බාරගන්න මෙතෙක් දුරට ගෙන ඒම ගැන. නැත්නම් අපිට නායකයෙක් නැතිව තමයි ක්‍රීඩා කරන්න වෙන්නෙ

:       0       0

අචලා Monday, 23 January 2012 09:13 PM

හිතට දුකයි

:       0       0

prabash Thursday, 26 January 2012 03:37 PM

දැන ආයෙත් පරණ විදියටම ගහන්න.

:       0       0

අමිල Monday, 23 January 2012 09:35 PM

කවදා හෝ වෙලාව හොද වෙයි..

:       0       0

සමිත් Monday, 23 January 2012 09:37 PM

ඔක්කොටම අමතක උන දෙයක් තමයි ඩිලා නායකතවය බාර ගත්තෙ.. කන්ඩායමේ හිටිය පරන නායක සහ උපනායක දෙන්නා ඉල්ලා අස්වුන වෙලාවක.. ඒ වෙලාවෙ කණ්ඩායමේ හිටිය පරන ක්‍රිඩයන් වන මුරලි/සනත්/වාස් (ටෙස්ට් වල මාලිංග) වගේ අය නැති වෙලාවක... අනික හොදම පිතිකරැවන් ලකුනු නොගහන වෙලාවක, කණ්ඩායමේ ඉන්න හුගාක් අය අත්දැකීම් නැති අලුත් ක්‍රිඩකයන් (අවරැදු 22-25) වුන වෙලාවක, නිතය පුහුනුකරැවෙකු නොමැතිව.පුහුනු කරැවන් තිදෙනෙකු මාරැවෙවි.. ඇත්තටම ඔයා බාරගත්තෙ අභියොගයක් එක අමාරැ අභියොගයක්... ඒ අභියොගය නිසාම ඔයාට පිතිකරනයට බදා ඇති උනා.. නමුත් දැන් සියල්ල අනිත් පැත්තට පෙරෙලෙනවා වගේ.. එදා වැස්සෙ නැත්නම් තරගාවලියේ ප්‍රතිපල මීට වඩා වෙනස් වෙන්න පුලුවන්..

:       0       0

රවිඳු Tuesday, 24 January 2012 10:03 AM

ඩිලා කල සේවය අනර්ඝයි, අසීරුම මොහොතක ඔබ වගකීම ඉ‍ටු කලා. ඔබේ නායකත්ව හැකියාව ගැන ගැටළු ඇති නමුත් ඔබ විශ්ෂ්ඨ ක්‍රීඩකයෙක් බව අවිවාදිතයි.

:       0       0

ධනුෂ්ක Tuesday, 24 January 2012 11:46 AM

ඩිල්ෂාන්ට අපේ නායකත්වය භාර ගන්න තව කාලය තියනවා ඩිල්ෂාන්ට පුරුදු විදිහට දැන් සෙල්ලම් කරන්න පුළුවන්

:       0       0

අසංක - Dubai Tuesday, 24 January 2012 11:47 AM

ඩිල්ෂාන් හොද පිතිකරුවෙක්

:       0       0

සුමන මනන්දූව Tuesday, 24 January 2012 12:52 PM

ඩිල්ෂාන් ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්. පරාජයන්ට පමණක් ඔබ වගකිව යුතු නැහැ. තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයේ වැරැදිත් ඔබගේ පිටින් යවන්න හදන්නෙ

:       0       0

නිලන්හා සිල්වා Tuesday, 24 January 2012 02:06 PM

ඩිල්ෂාන් අපි ඔබ සමගයි. කවුරු කෙසේ කීවත් අපි දන්නවා ඔබගේ දක්ෂතාවයන්

:       0       0

තුෂාර Tuesday, 24 January 2012 03:17 PM

ඩිල්ෂාන් කියන්නේ වටිනා ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් අවශ්‍යය සහයෝගය නැතිව තරග දිනන්න බැහැ. කොහොම වුණත් මගේ වත්මත් ක්‍රිකට් වීරයා ඩිල්ෂාන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site