
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජනය කළ ආයෝජකයන්ගෙන් සියයට 96 ක් සිය සුරැකුම් නව බිල්පත්වලට මාරු කිරීමට එකඟතාවය පළ කර අවසන් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.
ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික ණය හිමියන්ගෙන් පුළුල් සහයෝගයක් ලැබී අවසන් බව යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පුද්ගලික ණය හිමියන්ගෙන් මෙලෙස පුළුල් සහයෝගයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම වසර අවසාන වීමට ප්‍රථම අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් නමුත් ඊට පෙර එළැඹෙන 16 වැනිදා එය නිල වශයෙන් තහවුරු කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.
පුද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන ඉදිරියට ගෙන යාමටද අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය.
ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික ණයද සාර්ථකව ප්‍රතිව්‍යුහගත කළ නමුත් එම ගිවිසුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකළේය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි