
(ටී.කේ.ජී.කපිල )
ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව අද(22) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .
‘ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙසේ පැවසීය මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ මමයි .
මෙම තරගාවලිය යුරෝපයේ පවත්වන ලොකුම මෝටර් රථ ධාවන තරගය වන අතර ඒ සදහා ලෝකයේ රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක් වී සිටියා . ඔවුන් වැඩි පිරිසක් යුරෝපා සහ ඇමෙරිකානු මහාද්වීප නියෝජනය කරන්නන් .
මෙම මෝටර් රථ ධාවන තරගය සදහා කාර් 50 ක් සහභාගී වී සිටි අතර එම එක් රථයක් සදහා රියැදුරුවරුන් දෙදෙනා බැගින් එක් වී සිටියහ .
ඒ වගේම මෙම තරගාවලිය සදහා ලෝකයේ වඩාත් බලවත් , දියුණු මෝටර් රථ වර්ග 10 ක මෝටර් රථ ධාවනයට එක් වී සිටි අතර මම ඒ.එම්.ජී.- ජී.ටී. 4 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළා .‘යැයි ද පැවසීය .
2024 අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සදහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් ඉතිරි වී ඇති බව ද ඩිලන්ත මාළගමුව මහතා පැවසීය . එසේම ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතව ඇති බව ද හෙතෙම පැවසූ අතර මෙම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බව ද ඩිලන්ත මාළගමුව මහතා වැඩිදුරටත් පැවසීය .

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිලන්ත මාළගමුව ඉතාලි මෝටර් රථ තරගය ජයගෙන ලංකාවට එයි
Senarath Wednesday, 22 May 2024 08:55 AM
ඔබ අපිට ඉතාම වටින සම්පතක්..... අපේ උණුසුම් සුබ පැතුම්...
Chaminda Kumara Wednesday, 22 May 2024 09:01 AM
ඉතාම වටින ක්‍රීඩකයෙක්, ඉතාම නිහතමානී මනුස්සයෙක්, අපේ රටේ නම ඉහලින් ඔසවා තබන්නට ඉතා ඉහල වියදමක් දරමින් සාමාන්‍ය පුරවැසියෙකුට කළ නොහැකි මට්ටමේ සේවයක් කරන පුද්ගලයෙක්. ඔබට ජය වේවා...!!! තව තවත් මෙවැනි ජයග්‍රහණ රටට ලබා දීමට හැකි වේවා..!!!
fairoos Wednesday, 22 May 2024 11:01 AM
උණුසුම් සුබ පැතුම්...!
Indhika Wednesday, 22 May 2024 11:36 AM
උණුසුම් සුබපැතුම්. සහභාගි වීමත් ලොකු ජයක්...
Tyrone Wednesday, 22 May 2024 01:19 PM
උණුසුම් සුබ පැතුම් ඩිලන්ත...!