IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඩිරෙක්ටර්ට පොට වරදී...

2016-07-01-ent-14ටෙලි, චිත්‍රපට නිර්මාණවල රඟපාන්න අවස්ථාවක් ලබාගත්ත සමහර අලුත් අය නොයෙක් ක්‍රම සහ විධි හොයාගෙන තියෙනවා කියලා අපට එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවනෙ.

ඔන්න ඔය කතාවට තවත් පැත්තකුත් තියෙනවා. සමහර ඩිරෙක්ටර් මෑන්ස්ලා තමන්ගෙ නිර්මාණවලට අලුත් කට්ටිය දාගන්න වෙනම ප්ලෑන්ස් හදාගෙන තියෙනවලු.

පහුගිය දවසක ඔය වගේ මෑන්ස් කෙනෙක් එයාගෙ ෆිල්ම් එකේ චරිතයක් තියෙනවා කියලා නවක නිළියකට කතා කළාලු.

"හොඳ චරිතයක්. ඔයාට හොඳට ගැළපෙනවා. මම කැමතියි මේ ගැන හෙට හවස වුණත් කතාබහ කරන්න," ඔහු ඇයට දුරකථනයෙන් කිව්වා.

"හා සර්. මම සර්ගෙ ඔෆිස් එකටද ගෙදරටද එන්න ඕනෙ ඒ ගැන කතා කරන්න?"

"පිස්සුද ළමයො ඕවා ගෙවල්වල ඔෆිස්වල කතා කරන දේවල්ද? අපි ඕක නිදහස් තැනකට ගිහිං කෝපි එකක් බොන ගමන් කතා කරමුකො. එහෙම වුණාම තමයි ඔයාට චරිතයට හරියටම ආරෑඩ වෙන්න පුළුවන් වෙන්නෙ. හරි හරි ඔයාව හෙට 7ට දෙහිවල හන්දියෙන් ගන්නම්කො - අපි කතා කරමු."

පොරොන්දු වුණු විදිහට මෑන්ස් කෙල්ලව දෙහිවල හංදියෙන් කාර් එකට දාගෙන ගල්කිස්ස පැත්තට යනවලු. කෙල්ලත් හරි බරි ගැහිලා වාහනේට නැගලා හොඳ කෝපි කඩයක් තියෙනවද කියලා වට පිට බල බල එනවලු. මෑන්ස් කිසිම ගාණක් නැතුව ඉදිරියටම යනවලු.

"අනේ සර් මේ වාද්දුව හරියෙ නේද? අපිට කෝපි කඩයක් අහුවුණේම නැද්ද?"

"අනේ කෙල්ලෙ ඔයා මොකද කලබල වෙලා - කළුතර තියෙනවා හොඳ තැනක්..." ඔහු එහෙම කියද්දි කෙල්ලට මල පැන්නලු.

"සර් මාව යක්‍ෂයා ආරෑඩ කරගන්නවට කැමති නම් මෙහෙන් අඩියක් වාහනේ හොල්ලන්න, නැත්නම් මාව නග්ගපු තැනින්ම බස්සන්න හොඳ හිතින්."

"අයියෝ මොකද මේ ඔයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ.."

"විහිලු තියාගන්න පුළුවන් පස්සෙ, දැන් වහාම වාහනේ හරවනවා."

 

DESHAYA



අදහස් (0)

ඩිරෙක්ටර්ට පොට වරදී...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 534 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site