ගෞරි සින්දේගේ කුලුඳුල් බොලිවුඩ් සිනමා නිර්මාණය වන "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කරනු ලැබීය. බොලිවුඩයේ "කිං ඛාන්" ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් මෙහි ප්‍රධාන නළු චරිතයට පණපොවන අතර, ඔහු සමගින් ඔහුට වඩා වයසින් අඩකටත් වඩා බාල ආලියා භාට් ෂාරුක්ගේ සිනමා පෙම්වතිය ලෙස එක්ව සිටියි.
ආදිත්‍ය රෝයි කපූර්, කුනාල් කපූර් හා අලී සෆර් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. දැනට නිකුත් කරනු ලැබූ මෙහි ප්‍රචාරකපටයට ඉහළ රසික ප්‍රතිචාර හිමිව ඇති බවට තොරතුරු ලැබේ. "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රචාරක පටය නිකුත් වීම හේතුවෙන් ලබන මාසයේදී තිරගත වීමට නියමිතව ඇති රන්බීර්, අයිශ්වර්යා හා අනුෂ්කා රංගන "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රචාරක පටයට අඩු රසික අවධානයක් හිමිව ඇත.
එහෙත්, ගැටලුවකට ඇත්තේ "ඩියර් සින්දගී" චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයේදීම විද්‍යා බාලන් රංගන "කහානි" දෙවැනි චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට සූදානම් කර තිබීමයි. ෂාරුක් මේ වසරේ රඟපෑ "ෆැන්" චිත්‍රපටය අසාර්ථක වීම හේතුවෙන් තරමක් සිය චිත්‍රපට ගැන සැලකිලිමත්වී සිටින බවට තොරතුරු ලැබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
'ඩියර් සින්දගී' ප්‍රචාරක පටය නිකුත් වෙයි