IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඩයනා ගමගේ අධිකරණයට කැඳවයි

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නොතීසි නිකුත් කළේය.

මෙම නොතීසිය නිකුත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාටය.

මෙම පැමිණීල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම කරුණු විමසීම සදහා අදාළ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන්නැයි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධීකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සාමාන්‍ය ජනතාවට නිතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මෙවැන්නන්ටත් නිතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.

 



අදහස් (19)

ඩයනා ගමගේ අධිකරණයට කැඳවයි

Dewa Thursday, 27 October 2022 05:28 PM

එතකොට අර පටන්ගන්නවා කියපු ගංජා වගාව colombo.night.life desni.මේවාට මොකද වෙන්නේ .අයියෝ අපරාදේ

:       3       34

කුමාර Thursday, 27 October 2022 06:15 PM

ඩයනා මේ රටට වැඩක් කරන්න උත්සාහ කරනවා. කොහොම හරි ඒ වගේ අය එලවලා දමන්න ඕනා. අන්න එහෙමයි අපේ අය

:       84       29

සෙනෙවිරත්න Thursday, 27 October 2022 06:28 PM

ඒක තමයි මේ නෝනට පෝට්ටු ගාය හැදුනෙ, හොර මැර වංචා වහගන්න පොහොට්ටු සරණ හැර වෙන සරණක් කොහිද?

:       10       101

ලංකා ඇබෝජිනිස් Thursday, 27 October 2022 07:41 PM

පාර්ලිමේන්තුවෙ ඉන්න සියළුම ද්විත්ව පුරවැසියන්ට එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එය ජාතිය,ආගම අනුව නීතිය නොවෙනස්ව එකසේ සිදුවිය යුතුයි. ඒ සඳහා සිවිල් සංවිධාන , සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාර සහ නීතී සංගම් පෙරමුණු ගතයුතුයි. අපිට කපුටත් එකයි,හිවලත් එකයි.

:       1       70

Kumara Thursday, 27 October 2022 08:09 PM

මේ සුන්දරීට නම් මස්ට් කියන්න එපා.හරිම සුන්දරයි සනීපයි

:       4       23

Rohana Thursday, 27 October 2022 08:28 PM

ඩයනා ගමගේ මාධ්‍යයට කියන්නෙ ද්විත්ව පුරවැසියෙක් නොවෙයි කියල. එතකොට මෙයා බොරු කියනවා නේද? ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ද බොරුකියනබව අපට මේ අනුව පිලිගන්න සිදුවෙනවා.

:       1       53

කුමාර Thursday, 27 October 2022 09:03 PM

අවංකව රටට වැඩක් කරනවනමි ඔය ද්විත්ව මගුල තිබුනට මක් වෙනවද ?

:       72       18

SISIRA Thursday, 27 October 2022 09:45 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ ලබාගැනීමට පෙර ආගමන විගමන පාලකවරයා "ගුවන් ගමන් බලපත්‍ නිකුත් කිරීමට පෙර" මේ පිලිබදව සොයාබැලීමක් නොකළේ මන්ද ?

:       1       53

Sethu hami Thursday, 27 October 2022 09:49 PM

මුකුත් වෙන්නේ නෑ .නිදොස් කොට නිදහස් .අපි නොදන්න ශ්‍රීලංකාව නේ

:       1       48

Malika Thursday, 27 October 2022 10:04 PM

අසව් අසව් ! තවත් තියටර් එකක් ආරම්භ වූ වගයි.

:       1       43

Demuni Uduwara Thursday, 27 October 2022 11:12 PM

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නම් එය අත්‍යාවශ්‍ය දෙයක්!

:       1       27

arschfikaa Thursday, 27 October 2022 11:20 PM

කොච්චාර දන්ගලුවත් උඹලාට ගමගේව ඇරෙස් කරන්න ලැබෙන්නෙම නැහැ.එයට නව බ්‍රිතාන්‍ය අගමැති rishi sunak ගේ සපෝර්ට් එක තියන නිසා.

:       18       9

Athula Friday, 28 October 2022 12:22 AM

මොනවද කියන්න තියෙන්නේ මුන් ගැන කුණු ගොඩක්

:       0       37

Wimala Gamage Friday, 28 October 2022 03:12 AM

පාස්පෝට් දෙකක් හැඳුනුම් පත් දෙකක් නැතුව කොහොමද අපි තැනකට එන්නේ.නැද්ද අක්කේ

:       1       46

Haris Friday, 28 October 2022 06:54 AM

සාමාන්‍ය ජනතාවට නිතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිතිය ක්‍රියාත්මක විය යුතුය.

:       0       42

randil Friday, 28 October 2022 08:33 AM

හුඟාක් දඟලනකොට ඔය ටික වෙයි කියලා හිතුවා .නියමයි

:       3       49

Kumara Friday, 28 October 2022 04:10 PM

පව් සූකිරි කෙල්ල.

:       0       13

Jayantha Mendis Friday, 28 October 2022 07:31 PM

It may be welikadaland for Diana i insted of Disneyland.

:       1       12

ranjith Friday, 28 October 2022 07:42 PM

මේ වගේ අය මොකට පාර්ලිමේන්තු එව්වද?

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site