(නිමන්ති රණසිංහ)
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව ඇය අත්අඩංගුවට ගැනීමේ බලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බැවින් එය සම්බන්ධයෙන් නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) දැනුම් දුන්නේ ය.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම සිද්ධියට අදාළව සැකකාරියක් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශ කරමින් එම නඩුව බහා තැබීය .
මෙම තැනැත්තිය සිදුකර ඇත්තේ සංඥය වරදක් බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බැවින් ඇය මෙම නඩුවේ සැකකාරියක් බවට පත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අධිකරනයෙන් විශේෂ නියෝගයක් නිකුත් නොකළ යුතු අතර ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් ඇති බවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩයනා අල්ලනවාද නැද්ද අධිකරණය කියයි