(විමුක්ති එස් රුද්‍රිගු)
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත් වූවාය.
මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි. ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් "30 අන්ඩර් 30 ඒෂියා"ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.
කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මහත්මිය මෙම ලැයිස්තුවට ඇතුලත් වූවාය. ඩිනාරා පුංචිහේවා මහත්මිය 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන මාලා ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය.මාලා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතාන මහතාගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් ගාඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරා මහත්මියට ප්‍රසන්න විතානගේ මහතා ආරාධනා කර තිබිණි.
ඩිනාරා මහත්මිය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන පුංචි ඇක්ටර්ස් නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වූවාය.
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩිනාරා ආසියාවේ ප්‍රබලයන් අතරට
Mithrasiri Saturday, 18 May 2024 11:01 AM
නම ඇහුවෙත් අදයි.
fairoos Saturday, 18 May 2024 12:36 PM
සුබපැතුම්...!
A.V.S.A.Premachandra Saturday, 18 May 2024 01:20 PM
සුබපැතුම්...!
නිමල් Saturday, 18 May 2024 03:50 PM
සුබ පතමු!!!
Lakshitha Saturday, 18 May 2024 04:05 PM
ඔන්න බලන්නකෝ ජෙප්පෝ ටික ඇවිත් මෙතුමියත් හොරකම් කරා කියලා නොකිව්වොත් ලෝක පුදුමයක් වෙනවා. ඔවුන්ගේ ජානගත කුහකකම යවන්නම බෑ...
Kasun Saturday, 18 May 2024 04:48 PM
ලක් අම්මා නෙමේද ?අඅපේ කොල්ලෝ අහුවෙනම් ලක් අම්මා කියන දේ
Wikash Saturday, 18 May 2024 08:41 PM
ලක් අම්මලා, ලක් අයියලා, ලක් අප්පුච්චා, අක්කා, ඔක්කොම සුපිරි තක්කඩි ටිකක්නේ. මෝටිවේශන් කරපු එක්කෙනා නම් බස් එකක් අරන් තියෙනව ඒ කාලෙ හම්බෙච්ච සල්ලි වලින්. රැටිස්ට හම්බුනා කියපු ලක්ශ 50 ආපහු දෙන්න ඇති නේ. මොකද හෙන උවමනාවක් තිබුනනේ හොරු අල්ලන්න. ඊලඟ මිලියනපතියො බිහිකරපු අරගලෙන් ගොඩගිය සෙට් එක තමා ඉතින්. මේ වගේ මහන්සි වෙලා කැප වෙලා ඉගෙනගෙන කරපු ජීවන අරගලයක් නෙමේ ඒක.
සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:29 AM
ලක්සිත, ජෙප්පො හොරකම් කරන කතාවට කලින් මොකද නොකියන්නෙ, ඩොලර් කාක්කියක්, එන් ජී ඕ කාරියක්, විදේශ කුමන්ත්‍රණ කාරියක්, කියල මොකද ජෙප්පො ගැන කුලප්පුව තියෙන කට්ටියගෙ පොදුු ලක්ෂණයක් මේ වගේ අයට අර ලේබල් ඇලවීම.
සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:32 AM
හොරාට හොරා කීවම හොරුන්ගෙ කටින් විසිවෙන මස්කටු කාල තරවෙච්ච අය, තමනුත් මහලොකු සල්ලි කාරයො කෙරුම් කාරයො කියන අයට හරිිම අමාරුයි ජවිපෙට එක්වෙන ජනරැල්ලට
සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:33 AM
රටට කීර්තියක් දෙන මේ වගේ කාන්තාවන්ට එන් ජී ඕ ලේබලය අලවන පොහොට්ටු කල්ලිය මොකද නිහඬ?
සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:37 AM
විකසිත්, ඉතින් ඔය ඕපදූප කියන්නෙ නැතිව යන්නකෝ මූල්‍ය අපරාධ අංශයට, හොයන්න බැරි සල්ලි තියෙනව කියල, තමන්ගෙ ආණ්ඩුව නේද? එහෙම නැත්නම් තමන්ගෙ කට්ටිය බේරන එම ආයතන ගැන විශ්වාසයක් නැද්ද තමන්ලටවත්