
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව විසින් ඩෝනියර් ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දීම දෙරට සමුද්‍ර ආරක්ෂණ සහයෝගීතාවයේ හොඳ ආරම්භයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙවැනි ගුවන් යානයක් ලැබීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියුණුවක් බව කී ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සමුද්‍රීය පැවැත්ම පිළිබඳ විශාල සහයෝගීතාවයක ආරම්භය බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සඳහා ඉන්දීය රජයෙන් ප්‍රදානය කෙරුණු සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ලංකා රජයට නිල වශයෙන් බාර දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15)සිදු කෙරිණි.
ඩෝනියර් 228 වර්ගයට අයත් මෙම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමෙි උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ දිගු කලක් තිස්සේ ලංකාවට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිවන්ත වන බවයි.




2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ඩෝනියර් 228’’ ලංකා ඉන්දියා සහයෝගයේ ඇරැඹුමක්
naleen Monday, 15 August 2022 05:01 PM
මෙම උත්සවය සදහා යන වියදමෙන් මෙම ගුවන් යානය මිලදී ගන්න පුළුවන් ඇති
LalMonday, 15 August 2022 05:51 PM
Dont look at everything through JVP angle .. we have to respect them for the help ... it is a plane and two countries ...not a Kiribath dansala
mangala Monday, 15 August 2022 06:25 PM
රටේ ගුවන්හමුදාපතිලා දෙන්න කරන්න ඕන වැඩේට, මේ අනවශ්‍ය පිරිස සහභාගිවීමෙන් මහජන මුදල් කෝටි කීයක් නාස්ති වෙන්න ඇත්ද, ජනාධිපති එන යන වියදම, ජනාධීපතිගෙ ආරක්ෂාවට, මූණ පෙන්නන්න එන අයගේ කාලය ශ්‍රමය, ඒ ඒ අයගේ ගමන්වලට යන තෙල් වියදම, එම නිලධාරීන්ගෙන් මහජනයාට වීමට තිබූ සේවා කාලය මේ කබල් යානාවක් පිළිගැනීමට නාස්ති කිරීම, මේවා මේ බලධාරීන්ට කවදා හෝ පෙනේවිද, තමන් මහජන මුදල් කාබාසිනියා කරන හැටි.
දඬුමොණරා Monday, 15 August 2022 07:14 PM
විධායක ජනාධිපති ඒ රටේ ගුවන් හමුදාපතිට සැලියුට් ගහන හැටි අන්තිම ඡායාරූපයෙන් බලා ගන්න..