IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්

ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වූවාය.

පොලිසිය පවසන්නේ, නානදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ඇය අසලටම පැමිණ ඇයට පහර දුන් බවය. එසැණින් ඇගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් එම පුද්ගලයා මෙල්ල කර, පොලිසියට බාර දී ඇත.

ප්‍රහාරයට ලක්වුණු අග්‍රාමාත්‍යවරියට කිසිදු අනතුරක් සිදු නොවුණු නමුත්, ප්‍රහාරය හේතුවෙන්, ඇය දැඩි ලෙස කම්පනයට පත්වුණු බව පැවැසෙයි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත. ඔහු අග්‍රාමාත්‍යවරියට පහර දුන්නේ ඇයිදැයි යන්න තවමත් පැහැදිලි නැත.

සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, අගමැතිනි මෙට් ෆෙඩ්රික්සන්ට පිටුපසින් ආ එම පුද්ගලයා ඇයට ළං වී, ඇගේ උරහිසට අතින් ප්‍රහාරයක් එල්ල කළ බවය ප්‍රහාරය හේතුවෙන් ඇය විසි වී ඇද වැටීමට ගිය බව ද සිද්ධිය දුටුවෝ වැඩි දුරටත් කියා සිටි. සිද්ධියෙන් පසු ඇය අවන්හලකට ගොස් කෝපි පානය කර තිබේ.

46 හැවිරිදි මෙට් ෆෙඩ්රික්සන්, ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2019 වසරේදීය. ඇය ඩෙන්මාර්කයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරිය වන්නීය.

අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුවූයේ යුරෝපා සංගමයේ ඡන්ද විමසුමේ දී ඩෙන්මාර්කය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඩෙන්මාර්කය ද යුරෝපා රටකි.

මීට පෙර තවත් යුරෝපා රටන් වන ස්ලොවේකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ වෙඩි ප්‍රහාරයකට ලක් විය. සැත්කම් කීපයකට භජනය වූ අග්‍රාමාත්‍යවරයා දිවි ගලවා ගැනීමට සමත් වූ බව පැවැසෙයි.

(බීබීසී)



අදහස් (2)

ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්

chandima Saturday, 08 June 2024 08:28 AM

ඒකනේ කියන්නේ වල් බුරු නිදහස ඕනවට වඩා ඕන නැ කියලා?

:       1       1

Lalla Sunday, 09 June 2024 12:08 PM

ඒකට කොහොමද අපේ කට්ටිය. නිකමට පාරට බහින්නේ නෑ. වරු තුනක්වත් ආරක්ෂක නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂා නොකළොත්... අනික ගහලා මරලා ඇති වැඩකුත් නෑ. ඊළඟට එන එවුන් ඊටත් අන්තයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 214 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site