ඩෙන්මාක් හී කෝපන්හේගන් විහාරස්ථානයේ කඨින පිංකම එහි විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර මස 26 වෙනි දින දවස පුරා පැවැත්විණි.
ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන හිමි, මාතලේ ධම්මකන්‍ධ හිමි, බුරුම ජාතික සෝභන හිමි, බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, ඹස්ලෝ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, ජර්මනියේ බොන් බෞද්ධ විහාරාධිපති සුජාත හිමි යන හිමිවරු ඊට වැඩම කළහ.
ඩෙන්මාක්, ස්වීඩන්, නොර්වේ හා ජර්මනිය යන රටවල බෞද්ධයෝ රාශියක් සහභාගි වුහ.
කඨින පිංකමේ ප‍්‍රධාන දායකත්වය දේවිකා හොල්බෙක් මහත්මිය විසින් දැරිණි.
අවසානයේ අටවිසි බුද්ධ පුජාවක් පවත්වා පැමිණි සැමට මහා සංඝ රත්නය විසින් ආශිර්වාද කළහ.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙන්මාක් විහාරයේ කඨින පිංකම
පැංචි Tuesday, 29 October 2013 09:01 PM
සාදු..සාදු..සාදු...!! (නි)
ඉලුක්පිටියේ පඥාසාර හිමි Tuesday, 29 October 2013 10:40 PM
මට මේ සදහා ආරාධනා කිරීම ගැන ධම්මරතන නායක හිමියන්ට ස්තුති කරන අතර ඒ සදහා සහභාගිවිමට නොහැකි වීම ගැන කනගාටුවෙමි. උන්වහන්සේලා සියලු දෙනාටම තව තවත් කාලයක් මෙම කටයුතු කරගෙන යාමට දීර්ඝායුස ප්‍රර්ථනා කරමි.(නදී)
ජයන්ත Wednesday, 30 October 2013 04:22 PM
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කර ගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කඨින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න. 00393341227517 (ස)
තුසර Tuesday, 29 October 2013 05:28 PM
මේක නම් බලන්න ලස්සනයි (නි)
දහම් Wednesday, 30 October 2013 01:52 PM
කඨින පිංකම ගැනයි මේ... http://dahamvila23-1.blogspot.com/2013/10/blog-post_21.html (ස)
දුෂ්මන්ත Tuesday, 29 October 2013 08:43 PM
ලස්සනට කළ කඨින පින්කමක්. පින්වතුන්ගේ පින්පාට හරියට පේනවා. (නි)