IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩෙංගු සටනට කොළ තුනක්

ඩෙංගු රෝගය වැළැක්වීමටත් ප්‍රතිකාර කිරීමටත් තමිල්නාඩු රජය සිද්ධ වෙදකමෙන් ස්වභාවික ප්‍රතිකාර අරඹා ඇති බව ඉන්දියාවේ හින්දු පත්‍රයේ පළ කළ වාර්තාවක් කියයි. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයෙන් ඩෙංගු රෝගය ස්වභාවිකව සුවපත් කළ හැකි බව තමිල්නාඩු රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන දෙපාර්තමේන්තුව කියයි. මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ රජය මීට අනුග්‍රහය දක්වයි. එක් ප්‍රතිකාරයක් වනුයේ නාරටි ඉවත් කළ අලුත් පැපොල් කොළ කිහිපයක් සීසිල් වතුර ටිකක් මුසු කර අඹරා පෙරා ගෙන පානය කිරීමයි. දිනකට සිව් වරක් මිලි ලීටර් 10ක් පානය කිරීමෙන් දින පහකදී උණ බැස යන බවත්, උණ බැස ගිය පසු ද මෙම ප්‍රතිකාර තවත් දෙදිනක් කළ යුතු බවත්, තමිල්නාඩුව කියයි. පැපොල් කොළ ප්‍රතිකාරය ඉන්දියාවේ අත් බෙහෙතකි. තමිල්නාඩු රජය නිර්දේශ කරන තවත් ප්‍රතිකාරයක් වනුයේ කොහොඹ කොළ සිසිල් වතුර සමග මිශ්‍ර කර කොටා පෙරා ගෙන මිලි ලීටර් 10ක් දවසකට දෙතුන් වරක් පානයි. කුඩුකරගත් බිං කොහොඹ (සංස්කෘත - කාලමේඝ / භූනිම්බ) ග්‍රෑම් 10කට වතුර මිලිලීටර් 100ක් එකතු කරලිප තබා ඉන් අඩකට සිදුවා (මිලිලීටර් 50කට) උදේ සවස වශයෙන් දවසකට දෙවරක් පානය කිරීමද තමිල්නාඩුවේ ඩෙංගු ප්‍රතිකාරයකි. හැම වේලකටම අලුතෙන් කුඩු කර ගත් බිං කොහොඹ ගත යුතුය. දින පහකින් උණ බැස යන බවත්, ඉන් පසුව දෙදිනක් මෙම ප්‍රතිකාරය කළ යුතු බවත් තමිල්නාඩුව කියයි.  



අදහස් (0)

ඩෙංගු සටනට කොළ තුනක්

හේරත් Saturday, 15 December 2012 10:59 AM

ඇයි අපේ රටේ ඩෙංගු වලට බෙහෙත් සොයාගත්ත දේශීය වෛද්‍යවරුන් ගැන කිසිම කතාවක් නැත්තේ (නි)

:       0       0

අජිත් Saturday, 15 December 2012 12:01 PM

මේ බෙහෙතේ අයිතිය ලංකාවටයි හිමිවිය යුත්තේ. (නි)

:       0       0

පාරා Friday, 14 December 2012 09:09 PM

මෙය සොයා ගත්තේ ලංකාවේ කෙනෙක් , කොහොමද ඒත තමිල්නාඩු ගියේ (ස)

:       0       0

රෝසා Friday, 14 December 2012 10:16 PM

පැපොල් කොළ නම් කොහොමහරි බොන්න බැරියෑ. ඒත් කොහොඹ කොළ කොටලා ‍බොන එක නම් කරන්න බැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 15 December 2012 01:01 PM

මේවා අලුත් දේවල් නෙමෙයි. ලංකාවේ මේ ප්‍රතිකාරය ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්. (නි)

:       0       0

රත්න Friday, 14 December 2012 04:06 PM

ඉන්දියාවෙන් කීව නිසා අපේ අය පැනලා බාරගනී. අපේ දේශීය වෛද්‍යවරු මේවා ගැන කොතරම් කාලෙකට ඉස්සරද කිවුවේ? ඒත් වසුරු තරම්වත් ගණන් ගත්තේ නැහැ. (නි)

:       0       0

ගීත් Saturday, 15 December 2012 01:46 PM

අපේ වීරයොත් මේකට විසදුමක් හොයාගත්තා නේද? (නි)

:       0       0

සනිදු Friday, 14 December 2012 04:37 PM

මුලින්ම පැපොල් කොළ ප්‍රතිකාරය පටන් ගත්තෙ ලංකාවෙනෙ, දැන් ඒකත් ඉන්දියාවෙන් ආවා කියයි ද දන්නෑ, ඉන්දියානු ගැති කට්ටිය (දී)

:       0       0

මුතුකුඩ Saturday, 15 December 2012 02:03 PM

ඉන්දියාවට ගරහන බෞද්ධයොත් ඉන්නවානේ හැබෑටම. (නි)

:       0       0

විලේගොඩ Friday, 14 December 2012 04:56 PM

මේවා බීලා සනීප වුණු අයත් ඉන්නවා. අපේ රටේ දේවල් ගැන කිවුවට ගොඩක් අය ගණන් ගන්නේ නැහැ. ඒවා ලෝක‍ල්නේ. (නි)

:       0       0

අපොන්සු Saturday, 15 December 2012 03:25 AM

ගස් බැදීමත් හොද ප්‍රතිකාරයක් (නු)

:       0       0

අලියන් Friday, 14 December 2012 05:38 PM

දැන් අපේ අය ඕක හොයාගත්තු වෙලේ... එක හැල්ලු කරපු අය උත්තර දෙන්න .. සුද්දාගෙන් කලාවන් වෙච්චි මිනිස්සු ටික කෝ දැන් ? (දී)

:       0       0

නිශාන්ත Friday, 14 December 2012 06:36 PM

බුදුහාමුදුරුවො ඉන්දියාවෙන් ආවා කිවුව වගේ, පැපොල් කොළේත් ඉන්දියාවෙන්ම තමා ආවෙ. නැද්ද මං අහන්නෙ? (නි)

:       0       0

ජයී තිසර Saturday, 15 December 2012 04:51 PM

නිශාන්ත, පැපොල් ගස මුලින්ම සොයාගෙන ඇත්තේ දකුණු මැක්සිකෝ සහ අවට ප්‍රදේශයෙන් බව "වීකිපීඩියා" සඳහන් කර ඇත. http://en.wikipedia.org/wiki/Papaya (දී)

:       0       0

චමින්ද Saturday, 15 December 2012 10:24 AM

අනේ ඉතින් මේවට කියන්න වචන නැහැ. හිතට එන දේවල් ලියන්න ගියොත් මේක පළවෙන්නේ නැහැ. හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site