IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඩෙංගු වසංගතයක් වෙයි

(සුජිත් හේවාජුලිගේ)

ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය.

ඩෙංගු රෝගීන් 2017 වර්ෂයේදී එක්ලක්ෂ අසූ හය දහසක් හමු වූ බවත් ඒ අවස්ථාවේදී සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගිය බවත් ඔහු සඳහන් කළේය.

එවැනි අවදානමක් මතු වේ දැයි සැකයක් පවතින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් වැඩි වුවහොත් කළමනාකරණය කර ගැනීම ප්‍රායෝගිකව අපහසු වන බවද ප්‍රකාශ කළේය.

ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බව පවසන සෞඛ්‍ය අංශ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවී ඇතැයිද සඳහන් කළේය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 6,953කි.

දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත් මේ වසරේ මේ දක්වා කාලයේදී එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1262ක් වාර්තාවී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (0)

ඩෙංගු වසංගතයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site