IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඩෙංගු බෝ කරන 553 කට රතු නිවේදන

(අංජුල මහික වීරරත්න)

විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන අද (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965 ක්ද මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657 ක් හඳුනා ගත් බවද අමාත්‍යාංශය කියයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජුනි මස 30 දින සිට ජුලි 5 දක්වා ප්‍රකාශයට පත්කර ඇති විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන අද (1) දිනට අදාළ වාර්තාවේ අදාල කරුණු සඳහන් වේ.

 අදාල වාර්තාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය විසින් නිකුත් කර තිබේ.

 

 



අදහස් (2)

ඩෙංගු බෝ කරන 553 කට රතු නිවේදන

maalaka Wednesday, 02 July 2025 06:54 AM

අපේ නාවල නිවස අසල (විශ්‍රාමික විදුහල්පතිනියක් ) ඇගේ නිවසට යන පාර අද්දර තිබූ වතුර ගලා බසින කානුව අවහිර කළා . ඒ නිසා එතන මදුරුවන්ගේ තෝතැන්නක් උනා . එයට කල ඉල්ලීම තර්ජනාත්මකව ඉවත දැමුවා . රාජගිරිය නගර සභාව නිහඬව සිටියා , කුඩා දරුවෙකු සිටි අසල්වැසි පවුල නිවස විකුනා ගියා. ඔවුන්ට ඇති එකම දරුවා ඩෙංගු වලින් ආරක්ෂා කර ගැනීමට . මෙවැනි සිදුවීම් ගැන අවධානය යොමු කලොත් හොඳයි

:       0       0

සුසිල්Wednesday, 02 July 2025 11:40 AM

ඒ වගේම මරදාන - කොටුව දුම්රිය මාර්ගය දෙප‍ස ඇති දිරාපත් වෙන රිය මැදිරි සහ ඒ අවට ඇති වතුර රැඳී ඇති අපිරිසිදු ඉඩම් දෙස අවධානය ඉක්මනින් යොමු කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site