IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩෙංගු පැතිරේ

2014 වර්ෂයේ මේ දක්වා ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 10,540 දෙනකු වාර්තා වී ඉන් 33 දෙනකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි. ඩෙංගු රෝගීන්ගෙන් වැඩි දෙනකු වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 6228ක් වන අතර මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3774ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1680ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 774ක් වාර්තා වී ඇත.



අදහස් (0)

ඩෙංගු පැතිරේ

ප්‍රනාන්දු Thursday, 29 May 2014 11:23 AM

බලධරයිනි, කැරකෙන හෝටල් හදන්න ඉස්සෙලා මේ ඩෙංගු වසංගතය නැති කරන්න මුදල් යොදවන්න. ඩෙංගු පැතිරුනොත් සංචාරකයෝ එන එකත් නවතීවි. (ස)

:       0       0

රෑමි Thursday, 29 May 2014 11:28 AM

අර ඩෙංගු වලට බෙහෙතක් හදපු දොස්තර නෝනට මොකද උනේ. එයා ගැන කිසිම ආරංචියක් නැහැ. (ස)

:       0       0

දයාන් Thursday, 29 May 2014 11:40 AM

අපට වැඩිපුර අසන්නට ලැබුනේ ඩෙංගු මර්ධනයට ගන්න උපක්‍රම ගැන පමණයි. වැඩියෙන් රෝගය පැතිරෙන විට එය මර්ධනය වෙනුවෙන් හැමෝම ක්‍රියාශීලියි. පසුව උදාසීනයි. (ස)

:       0       0

විජේසිංහ Thursday, 29 May 2014 12:01 PM

ඩෙංගු රෝගයෙන් ගොඩක් ම මැරෙන්නේ පොඩි ළමයි. මගේ මාමගේ එකම පුතාත් නැති වුණා. මේවා ගැන කතා කරන්න කිසිම සංවිදානයක් නැ නේ . (දිල්)

:       0       0

ජයත් Thursday, 29 May 2014 12:37 PM

ඩෙංගු වලින් මැරෙන්න මූලිකම හේතුව ලෙඩේ හරි වෙලාවට අඳුනා නොගැනීම. දැන් පුද්ගලික අංශයේ තියනවා පරීක්ෂණයක් මුල් දවසෙම හොයාගන්න පුළුවන්. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 29 May 2014 01:21 PM

මේ සම්බන්ධව රජයේ දොස්තරලා නර්ස් නෝනලා කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න උනන්දුවක් නැහැ වගෙයි. මොකද බැරි බලධරයන්ට බල කරන්න මේ ගැන යමක් කරන්න කියල (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site