
(රෝෂන් තුෂාර)
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (21) නියෝග කළේය.
වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයා විසින් අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි දෙකක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්ද මහතා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මගින් පැවරු නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.
ඩග්ලස් දේවානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා පවසා සිටියේ සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවය.
අසනීප තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.
2016 ජූලි 9 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී රුපියල් මිලියන දහය බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම ලබාදී වංචා කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයා ට පවරා තිබිණි.
චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු වන සාක්කිකරුවන දේවානන්ද මහතාට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දින ලබාදී ඇති බවය.මෙම සාක්ෂිකරු පසුගිය නඩු වාරයේ දී ද අධිකරණයේ පෙනී නොසිට ඇති බවද පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනි දිනට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩග්ලස් දේවානන්දට වරනේතු
සමන් - ඕමානය Thursday, 21 November 2024 10:22 PM
කෝටි දෙකක චෙක් පත්? මොකක්ද බොලේ ඒ ගනුදෙනුව? හොයා බලන්නම වටිනවා?