IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ටී.එන්.ඒ පිරිසක් ස්කොට්ලන්තයට

එක්සත් රාජධානිය යටතේ පවතින ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කර ඇති ෆෙඩරල් පාලනය පිළිබද අධ්‍යයනය කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ   පිරිසක් ස්කොට්ලන්තය බලා පිටව ගියහ.

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා පසුගිය 25 වැනි දා ලන්ඩනයේ දෙමළ සමුළුවකට එක් වීම සදහා පිටව ගිය අතර ඔහු ද බ්‍රහස්පතින්දා (28) ස්කොට්ලන්තය බලා යාමට නියමිතය.

ස්කොට්ලන්තයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා   නීති විශාරදයින්ගේ උපදෙස් මත ස්කොට් ලන්තයට සමාන  ආකාරයෙන් උතුරේ අර්බුදයට ෆෙඩරල් විසදුමක් සහිත  යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර ඇත.  



අදහස් (0)

ටී.එන්.ඒ පිරිසක් ස්කොට්ලන්තයට

ලතා Wednesday, 27 January 2016 01:09 PM

මහින්ද මහත්මය සෞදීද ඉන්නේ ? අරාබි මිනිස්සු වගේ හැම වෙලාවේම ගහ මරා ගෙන ඉන්න පුරුදු වෙලා වගෙයි නේද ?හැමෝම සමග සහයෝගයෙන් ඉන්න අකමැතියි වගේ .දියුණු රටවල වියවස්ත වලින් ගන්න දේවල් තියෙනවා .ඔය අරාබි කාරයොත් අරාබි මිනිසුන් විතරයි ඔවුන්ගේ රටේ ඉන්න ඕනේ කිවුවොත් ඔබටත් අකුලාගෙන එන්න වෙනවා .ලෝකේ බහුතරයක් ගහ මරාගන්න කැමති නැති සාමකාමී මිනිසුන් නිසා තවමත් ලෝකය විනාශ නොවී තියෙනවා නේද ?බලන්න වාසු දේව මහත්තයයි විග්නේශ්වරම් මහත්තයයි මස්සිනාල .ඕගොල්ලෝ ජාති අලය කියා කියා විස පතුරන්න එපා මහත්තයෝ (බ)

:       0       0

දිනේෂ් Wednesday, 27 January 2016 09:53 AM

ස්කොට්ලන්තයත් දැන් වෙන් වෙන්න ජනමත වීචාරණයක් ඉල්ලන නිසා එ්කත් හිමිහිට තව අවුරුදු කීපයකින්ම ලංකාවටත් කරගන්න පුළුවන්. නියමයි ! (බ)

:       0       0

අමල් Wednesday, 27 January 2016 10:04 AM

ඇයි ටී.එන්.ඒ එක තහනම් කරන්නේ නැත්තේ ? (බ)

:       0       0

ගමගේ Wednesday, 27 January 2016 06:53 AM

ඔය එන්නේ ටික ටික එළියට ඔහොම යමුකෝ බලන්න (බ)

:       0       0

සුසන්ත Wednesday, 27 January 2016 07:02 AM

කතුතුමනි එච්එන්බී දැන්වීම නිසා අදහස් දැක්වීම අමාරුයි එය ඉවත් කරන්න (බ)

:       0       0

සුසන්ත Wednesday, 27 January 2016 07:05 AM

ඔය එන්නේ කොටිය මල්ලෙන් එලියට කෝ දැන් යහපාලන කුක්කෝ (බ)

:       0       0

විමුක්ති Wednesday, 27 January 2016 07:14 AM

ඔහොම කතා කරන්න එපා සුසන්ත. මේ මිනිස්සු එක එක රටවල් වලට ගියාට ආණ්ඩුව පළිද? (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 27 January 2016 07:24 AM

තමන්ගේ ලෙයින් මසින් ඉපදෙන අනාගත දු දරුවන්ට ආදරයක් ඇති සිංහලුනේ, යහපාලන වේවා ඒකාධිපති වේවා මේ සිංහල රටයි කියන්නට බැරි, සිංහල අයිතිය රැකදෙන්නට බැරි දේශපාලන බල පෙරේතයින් පන්නා දැමීම සඳහා කාලය පැමිණ තිබේ. (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 27 January 2016 07:43 AM

සුසන්තගේ,ඉල්ලීම මමද අනුමත කරමි. (කෞ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 27 January 2016 07:40 AM

ලෝකෙම උන් මෙහෙ එද්දී උඹල මොකටද එහෙ යන්නේ? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site