IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ටින් මාළු මිල බස්සන ගැසට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ)

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත

2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු  උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව එහි සඳහන්වේ

ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාළු මිල රුපියල් 480ක් විය යුතු බව එම අධිකාරිය පවසයි.

ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු මිල රුපියල් 240ක් විය යුතු අතර, ග්‍රෑම් 425ක ජැක් මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 560ක් විය යුතු බවද සඳහන්වේ

මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළදාම් කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවත් මෙම ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.



අදහස් (1)

ටින් මාළු මිල බස්සන ගැසට්ටුවක්

Lalla Saturday, 15 November 2025 06:47 PM

එතකොට එක එක බොරු ලේබලය යටතේ වැඩි මිලට විකුණන කීරි සම්බා... කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලඳ සැලක රු310/= මිලට සූදුරු කීරි නමකට කීරි සම්බා විකුණනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site