( කුෂාන් ජයවර්ධන)
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පසුපසට ධාවනය වී ඊයේ(13) සිදුවූ අනතුරකින් එම ට්‍රැක්ටරයේ ටේලරයට යට වීමෙන් 55හැවිරිදි පුද්ගලයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කවරක්කුලම පොලිසිය පවසයි.
නාච්චාදූව වැව ආසන්න ප්‍රදේශයක දී අනතුර සිදුව තිබේ.
වැලි පැටවූ ට්‍රැක්ටර් රථය ගොඩට ගැනිමට යාමේදී ඇතිවූ අපහසුතාවයක් නිසා ට්‍රැක්ටර් රථය පිටු පසින් තල්ලුකිරීමට පිරිසක් කටයුතු කර තිබූ බවත් එම අවස්ථාවේ ට්‍රැක්ටර් රථය පසුපසට පැමිණ ටෙලර් රථයේ රෝදයට යට විමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ හිදෝගම 07 ඇළ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වයස අවුරුදු 55ක් වන යාපා ගෙදර නිමල්සිරි යාපා නමැති පුද්ගලයෙකි.
අනතුරටපත් ට්‍රැක්ටර් රථය හා එහි රියදුරු වැඩිදුර විමර්ශණ සඳහා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගෙන ඇති රියදුරු හිදෝගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 පුද්ගලයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රැක්ටරයට යටවී අයෙක් මරුට