(අංජුල මහික වීරරත්න)
2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් පනස්දාහකට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවක් අනුව නාගරික නිවාස වැඩසටහන් මගින් අඩු ආදායම්ලාභී පවුල් වෙත කුලී අය කිරීම අත්හිටුවා එම මහල් නිවාස ඒකකවල අයිතිය නෛතිකව එම ප්‍රතිලාභී පවුල් වෙතම ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි රජය පවසයි.
ඒ අනුව මාසිකව රුපියල් 3000 ක් හෝ ඊට අඩු අගයක කුලී පදනම මතු අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති සියලු නාගරික නිවාස ඒකක
වලින් කුලිය අය කර ගැනීම නතර කිරීමටත් එකී නිවාස වල සින්නක්කර අයිතිය එම අඩු ආදායම්ලාභීන්ට පැවරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටවුන් ගෙවල් අයිතිය දෙන්න කැබිනට් අනුමැතිය
Lalla Wednesday, 07 February 2024 12:47 PM
ඒක රජයට ලාභයි. ඔය ගෙවල් ගන්න අය නඩත්තුව නොකරන බව සහතිකයි. කඩා වැටෙන බව ඇත්ත නේද එතකොට ඉඩම රජයට පවරාගෙන විකුණන්න පුලුවනී.....