IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ටෙලි නිළිය පාර්ලිමේන්තු මාර්ග බාධක කඩයි

තම මෝටර් රථය පදවා අනතුරක් වළක්වා නොගැනීම හා රජයේ දේපළවලට අලාභ හානි සිදුකළ බව කියන ටෙලි නාට්‍ය නිළි රිතූ ආකර්ෂා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ සම්බන්ධ වැඩිදුර විභාගය ජනවාරි 6 වැනිදාට කල් තැබිණි.

රිතූ ආකර්ෂා පසුගිය 22 වැනිදා රාත්‍රී රූපගත කිරීමකට ගොස් සිය මිතුරියක් නිවසට ඇරලවීමෙන් පසු නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි තලංගම පොලිසිය කියයි.

පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන දොරටුව රාත්‍රී කාලයට වසා තැබෙන අතර මාර්ග බාධකද කඩාගෙන ඇය මෝටර් රථය ධාවනය කර ඇතැයි ද මෝටර් රථයටද බරපතල හානි සිදුව ඇතැයිද කියති. ඇගේ රිය වසා තිබූ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම් දොරටුව හරහා ගොස් මාර්ගය හරහා යොදා තිබූ කේතු පොඩිපට්ටම් කරගෙන මීටර් 20ක් 30 ක් පමණ ඉදිරියට ධාවනය වී ඇත.

රිය පැදවූ නිළියට තුවාල සිදුවී නැති අතර ඇය අනතුරින් පසු ඇමැතිවරයකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය විස්තර කර ඇතැයිද ඉන්පසු පොලිසියට කටඋත්තරයක් ලබාදී ඇතැයිද කියති. පොලිසිය ඇය කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළේය.

රිතූ ආකර්ෂා මෑතකදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණව සිටි නිළියක් වන අතර ඇය රංගනයෙන් දායක වන මෙගා ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයකම විකාශයවේ. ඇය මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන සඳුන් රාජකරුණාගේ ‘උතුම් පැතුම්‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක්ද නිරූපනය කරන්නීය. 

7971643367820151124_rithu-akarsha-5 web_20151124_Rithu-Akarsha-(2) web_20151124_Rithu-Akarsha-(3)

webrithu_20151124oad



අදහස් (0)

ටෙලි නිළිය පාර්ලිමේන්තු මාර්ග බාධක කඩයි

සුරංග Tuesday, 24 November 2015 09:45 AM

අදමයි දැක්කේ. (ර)

:       0       0

කාන්ති Tuesday, 24 November 2015 10:04 AM

ඇමතිවරුන්ට වෙන වැඩ නැතිව ඇති නිළියන්ගේ රිය අනතුරු ගැන විස්සෝප වේවි ඉදිරිපත් වෙන්න තියෙන කොට!(අ)

:       0       0

රුවනි Tuesday, 24 November 2015 10:07 AM

මිට කලිනුත් මෙයා වහනය හප්පා ගත්ත කියලා ආරංචියි. එතකොටත් බේරුවේ අසවලා ද දන්නේ නැහැ . (අ)

:       0       0

සිසිර Tuesday, 24 November 2015 10:04 AM

නිළියන්ට අපලයි (අ)

:       0       0

මලික් Tuesday, 24 November 2015 10:16 AM

පාර්ලිමේන්තුවේ මාර්ග බාධක තිබේ නම් ඔය උදව්වට කට්ටිය එන්නේ කොහොමද ? ඔය කිසිම බාධාවක් නැතිව වැඩ කටයුතු සිද්ධ වෙන්නේ . (අ)

:       0       0

උමේෂ් Tuesday, 24 November 2015 10:38 AM

ඉතින් ටෙලි නිලියන් කියන්නේ පාර්ලිමේතු මාර්ග බාධක නොතකා ඒක ඇතුලට වුනත් ධාවනය කළ හැකි උදවිය තමයි. (බ)

:       0       0

රූපසිංහ Tuesday, 24 November 2015 10:57 AM

මම හිතුවේ ටෙලි නිළියන්ට වසග වෙලා හිටින්නේ පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරු විතරයි කියලා. බලාගෙන ගියාම මේ අපි සුදනො කියාගෙන ඉන්න මේ ආණ්ඩුවේ උත්තමයෝත් අනුන්ට බැන්නාට මේ අයත් ඒ වගේමයි. කාට කියන්නද හොරුත් උන්ගේ බඩුත් උන්ගේ. ලස්සන කාන්තාවකට කළ නොහැකි දෙයක් නැහැ වගේ. (බ)

:       0       0

ඇලන් Tuesday, 24 November 2015 11:06 AM

අදමයි දැක්කේ? (බ)

:       0       0

සරසි Tuesday, 24 November 2015 11:06 AM

සොයලා බලන්න ලයිසන්වත් තියේද කියලා. වෙන බවලතෙක් ඔහොම හැප්පුවානම් මෙලහකට... (ර)

:       0       0

විජිත් Tuesday, 24 November 2015 11:13 AM

රූපසිංහ මල්ලි, අපි කවුරුත් පෘතග්ජන මිනිස්සුනේ. (ර)

:       0       0

රසික Tuesday, 24 November 2015 11:27 AM

අර පලවෙනි පින්තුරේ නැවිලා ඉන්නේ මොකද ? දන්නේ නැති නිසා අහන්නේ. (බ)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 24 November 2015 11:30 AM

ට්‍රැෆික් රාලහාමි, ට්‍රැෆික් සාජන්, ට්‍රැෆික් ඕ අයි සී අතරට අලුත් ට්‍රැෆික් ඇමති කෙනෙකුත්. (ර)

:       0       0

නිමල් Tuesday, 24 November 2015 11:38 AM

අනේ නිළියන්ගෙන් දඩ මොකටද ? (ර)

:       0       0

අමලි Tuesday, 24 November 2015 11:41 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (ර)

:       0       0

ලකී Tuesday, 24 November 2015 11:55 AM

නිළියන්, ධනවතුන් සහ දේශපාලඥයන් කියන්නේ හරියට සමකෝණී ත්‍රිකෝණයේ කෝණ තුන වගේ ඒකිනෙකාට ප්‍රබල බැඳීමක් ඇති තුනක්. (ර)

:       0       0

හුසේන් රිස්වි Tuesday, 24 November 2015 11:59 AM

මත්පැන් පානය කරලද ඉදලා තියෙනේ.? (ර)

:       0       0

ජනක Wednesday, 25 November 2015 02:59 AM

කලබල වෙන්න එපා. මෙයා ගිහින් තියෙන්නේ ඇමති තුමා හම්බ වෙන්න. එය හිතල තියෙන්නේ ඇමතිතුමා රෑටත් පාර්ලිමේන්තුවේ මහජනයා වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා කියල. නිළියන්ට ඉතින් රැයක්, දවාලක් නැහැනේ. එයා හිතුවේ නැතුව ඇති මාර්ග බාධක ඇති කියල මෙවන් සාමකාමී රටේ.(රේ)

:       0       0

විජිත Tuesday, 24 November 2015 12:13 PM

ඇත්තටම කවුද දන්නෙ නැහැ ඇමතිවරයා? (නි)

:       0       0

මේනක Tuesday, 24 November 2015 12:25 PM

ඊළඟ ඡන්දෙට මේකම සුදුසුකමක්. ඇමැතියෙකුගේ කාරුණික අනුග්‍රහය තියනවා කියන්නේ ඉතින් තව මොනවාද ? (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 25 November 2015 03:40 AM

රුක්ෂාන් ඔබ හරි.(ම)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 24 November 2015 12:29 PM

පිටිගල අයියා ඔයාලම තමයිනේ මේ ටෙලි නිළියන්ව ෂොපින් කරන්න ඉතාලියට ගෙන්නන්නේ. (ර)

:       0       0

සංජය Tuesday, 24 November 2015 12:31 PM

නිළියන්ගේ කටයුතු සොයාබලන්න වෙනම ඇමතිවරයෙක් පත්කරන්න කාලය ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

නිවන්තක Tuesday, 24 November 2015 12:37 PM

මෙවන් ප්‍රවෘත්ති අපිට ගෙන එන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ටිරෝන් Tuesday, 24 November 2015 12:35 PM

ඉතින් කොහොමද අපි මෙයාලා ඉන්න ටෙලි නාට්‍යයක්වත් හිත හොඳින් බලන්නේ? (නි)

:       0       0

ඇලෙක්ස් Tuesday, 24 November 2015 12:38 PM

උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

රංග Tuesday, 24 November 2015 12:40 PM

මට නම් දැන් අර ටෙලිනාට්‍යය මතක් වෙනකොට ඔක්කාරෙට එනවා. මේ වගේ වගකීමක් නැති කට්ටිය ඉන්න ඒවා අපි මොකටද බලන්නේ? (නි)

:       0       0

අසංග Tuesday, 24 November 2015 12:56 PM

අනේ මෙහෙමත් ‍දේවල්! (නි)

:       0       0

රුක්ෂාන් Tuesday, 24 November 2015 01:01 PM

අධ්‍යාපනයක් තියා රටේ නීතියවත් නොදන්නා කට්ටිය රටේ උඩින්ම වැජඹෙනකොට වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)

:       0       0

බුද්ධි Tuesday, 24 November 2015 01:04 PM

මට නම් මේ දැරිවිගේ එහෙමට ආකර්ෂණයක් පෙනෙන්නේ නැහැ. මගේ ඇස් වල දෝෂයක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ටිරෝන් Tuesday, 24 November 2015 01:16 PM

අභීත කාන්තාවකගේ චරිතය රඟපාන්න ගිහින්වද්ද? (නි)

:       0       0

කිංග්ස්ලි Tuesday, 24 November 2015 01:25 PM

මෙයාලටද අපි මේ නිළියෝ කියන්නේ? (නි)

:       0       0

අවන්ත Tuesday, 24 November 2015 01:30 PM

ගැහැණු ළමයෙක් වුණාම සංවරකමක් තිබෙන්න ඕනෑ නේද? ඇයි මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

රොහාන් දයාදර Wednesday, 25 November 2015 11:53 AM

මෙයාව මට මරදානේදී දවසක් මුණ ගැසුනා.(අ)

:       0       0

රාධා Tuesday, 24 November 2015 02:02 PM

නින්දනේන රාත්‍රියේ මේ පාලු යාමයේ, ඇමතිට ඇමතුවේ ඇමතිගේ හොට් ලයින් එකටද දන්නේ නැහැ. (නි)

:       0       0

ජහාන් Tuesday, 24 November 2015 09:13 AM

නිළියක් නම් ඉතින් දේශපාලකයෙක් නොගෑවුණා අපේ ආච්චිලාගේ කාලේ. (ම)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 24 November 2015 09:20 AM

කවුද වාසනාවන්ත වීර ඇමැතිවරයා..?(ම)

:       0       0

කාන්ති Tuesday, 24 November 2015 09:19 AM

මගදී වාහන හප්පා ගන්න නිළියන්ගේ දුක සැප සඳහා ඉදිරිපත් වෙන්න තරම් වෙන වැඩක් නැති ඇමතිවරයෙක් සිටි. සොයා බලනු මැනවි. ඉදිරිපත් වී ඇත්තේ දේශපාලන මට්ටමෙන් නම් එතන ප්‍රශ්නයකි. (ර)

:       0       0

මෙලනි Tuesday, 24 November 2015 09:31 AM

මිට කලිනුත් මෙයාගේ අතින් මෙහෙම අපරික්ෂාකාරී රිය අනතුරක් වුනා කියලා ආරංචියි. (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 24 November 2015 09:33 AM

මේ අය ගැන සොයා බලන්නත් ඇමතිවරු ඉන්න එක කොච්චර දෙයක්ද? මෙයත් ඉතාලිය පැත්තේ අහන්බෙන් මෙන් එන කෙනෙක්ද කියලා නිච්චියක් නම් නැහැ. (ර)

:       0       0

පුදු Tuesday, 24 November 2015 09:35 AM

ඇමතිට කතා කරලා උදව්වක් ගන්න ඇති. (ර)

:       0       0

සිසිර Tuesday, 24 November 2015 09:36 AM

නිලියක් හින්දා අලාබය ගෙවන එකක් නෑ ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site