IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ටෙලි නාට්‍යය රංගනයට යොමු වෙන්න මගේ අදහසක් නැහැ

2016-10-03-ent-51නව පරපුරේ මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ප්‍රනාන්දු විශේෂ තැනක් හිමිවේ. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක, ගීත රූප රචනා සඳහා පෙනී සිටින්නීයකද වන ඇය මෑතකදී බොහෝ දෙනා අතර, කතාබහට ලක්ව ඇත්තේ සිනමා නිළියක් ලෙසයි. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය හරහායි.

 

මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි කියන්නේ ඇත්තද ටීනා?

ඔව්, පසුගිය කාලයේ නවත්තලා තිබුණ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ රූපගත කිරීම් නැවතත් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා කාර්යබහුල වෙලා තියෙනවා. ඊට අමතරව නිරූපණ වැඩ කටයුතුයි අනෙකුත් කලා නිර්මාණත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නවා.

 

පැරිස් නගරයට යන්න ඔබේ සූදානමක් තියෙනවා කියලත් ආරංචියි?

ඔව්, නිරූපණ ප්‍රසංගයකට හා චිත්‍රපටයක රූපගත කිරීම් සඳහා තමයි පැරිස් නගරයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔක්තෝබර් 06 වැනිදා තමයි දින තියෙන්නේ නමුත්, වීසා ගැටලුවක් නිසා තවමත් මේ ගමන ගැන ස්ථිර වෙලා නැහැ.

 

2016-10-03-ent-47ඔබව චිත්‍රපටවලින් විතරද අපි දකින්නේ?

ඔව්. බොහෝ විට මාව චිත්‍රපටවලින් පමණක් දකියි. මොකද, මම කැමති නැහැ ටෙලි නාට්‍යය පැත්තට යොමු වෙන්න. ආරාධනා නම් ගොඩක් ලැබෙනවා නමුත්, මගේ අදහසක් නැහැ ඒ පැත්තට යොමු වෙන්න.

 

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයෙන් පස්සේ?

ගොඩක් චිත්‍රපටවලට ආරාධනා නම් ලැබුණා. නමුත්, මම ලැබෙන හැම වැඩක්ම තෝරාගැනීමක් කරනවා. ඉතින් ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ චරිතය මගේ සිත්ගත්තා. ඒ නිසා තමයි මම ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. පැරිසියේ රූපගත කරන  චිත්‍රපටයක් සඳහා මම සම්බන්ධ වෙලා වැඩ කරනවා. ආරාධනා නම් ගොඩක් ලැබෙනවා නමුත්, මගේ තෝරා බේරාගැනීම නිසා චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වීම මම ප්‍රතික්ෂේප කළා.

 

ටීනා නිර්මාණවලට අඩු දායකත්වයක් සැපයුවාත් ඔබගේ අය කිරීම් ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ?

ඔව්, නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණ මුල් කාලයේ ඉඳලා මගේ අය කිරීම් ඉහළයි. මම හිතනවා මගේ වටිනාකමට මගේ දක්ෂතාවට සරිලන මුදලක් තමයි මම අය කරන්නේ කියලා. චිත්‍රපටයක වුණත්, මියුසික් වීඩියෝවක වුණත් මේ හැම දේකටම මම අය කරන්නේ ඉහළ මිලක්.

 

නිරූපණ ක්ෂේත්‍රය තුළ ටීනාට තියෙන්නේ ලොකු තැනක් කිව්වොත් හරි නේද?

පොඩි කාලේ ඉඳලා මගේ ආසාව වුණේ නිරූපිකාවක් වෙන්න. ඒකට හේතුව තමයි මගේ අක්කලා දෙන්නා මෝස්තර නිරූපණයට යොමු වෙලා හිටිය නිසා. ඒ දෙන්නාගේ අතදීම මත තමයි ක්ෂේත්‍රයට එකතු වුණේ. මම නිරූපණය පිළිබඳව ලොකු හැදෑරීම් කළ කෙනෙක් නෙවෙයි. මගේ ස්වඋත්සාහයෙන් තමයි අද මේ ඉන්න තැන ගොඩ නගාගත්තේ. ඉදිරියටත් මේ ක්ෂේත්‍රය තුළ රැඳි සිටිමින් දිගු ගමනක් යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අද ඉන්න තැන ගැන ගොඩක් මම සතුටු වෙනවා.

 

ඉදිරියේදී ටීනාව අපිට දකින්න ලැබෙන්නේ?

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ. බොහෝ දුරට එය ලබන වසරේ ජනවාරියේදී තිරගත වේවි කියලා හිතනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයක් එන්න තියෙනවා. ඒ හරහා මගේ ආදරණීය රසික, රසිකාවියන්ට මාව දැකගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

 

බුද්ධික සේනාධීර/ඡායාරූප - ටීනාගේ ෆේස්බුක් ගිණුමෙන්

2016-10-03-ent-56 2016-10-03-ent-55 2016-10-03-ent-54 2016-10-03-ent-53 2016-10-03-ent-52 2016-10-03-ent-50 2016-10-03-ent-49 2016-10-03-ent-48 2016-10-03-ent-46 2016-10-03-ent-45 2016-10-03-ent-44 2016-10-03-ent-43 2016-10-03-ent-42

 



අදහස් (0)

ටෙලි නාට්‍යය රංගනයට යොමු වෙන්න මගේ අදහසක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site