
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික, ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානී ෂී තැයිෆෙන් මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නායක පිරිසක් හමුවූහ.
බීජිං නගරයේ ප්‍රධාන මහජන ශාලාවේදී මෙම හමුව සිදුවිය.
ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කළ ෂී තැයිෆෙන් මහතා, පක්ෂයේ කාඩර්වරුන්ගේ දේශපාලන න්‍යායික දැනුම නිරන්තරයෙන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් අතර චීනය අවශ්‍ය ඕනෑම මොහොතක තම අත්දැකීම් ජනතා විමුක්ති පෙරමුණ සමග බෙදා ගැනීමට සූදානම් බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩසටහන අනුව අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා වූ එකඟතාවයන් කිහිපයක් මෙම වසරේ මුල් කාලයේ චීනයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඇති කරගත් බවත් ඔහු සඳහන් කළේය.
එහිදී ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම සංචාරයේදී තවදුරටත් වර්ධනය වූ බවය.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිල්වින් කොමියුනිස්ට් ලොක්කන් හමුවේ
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 19 June 2025 03:50 PM
අර ඒ කාලේ දවසක් හිටපු ඇමැති මහින්ද විජේසේකර කිව්වා වගේ, ටිල්වින් වගේ 88-89 කාලේ හමුදා කඳවුරුවලට බෝම්බ ගහන්න ආපු අපරාධකාරයින්ට යන්න පුළුවන්... විදේශ ගුවන් තොටුපොළවල් වලදී අපරාධකාරයෙක් එන බව දන්වා අනතුරු අඟවන සංඥා නිකුත් නොකරන චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ ෆැසිස්ට් රට වලට විතරයි..!