ඔහු ඇමැතිවරයෙකි. යුරෝපීය ඇඳුමට වඩා ජාතික ඇඳුමක් මසා ගැනීමට ඔහුට සිත් විය. කොළඹ නම ගිය ටේලර් සාප්පුවකට ගොස් ගණන් මිමි දුන්නේය. ඇනවුම බාර ගැනීමට ගියේය.
බිල රුපියල් 29,500 කි. පළපුරුදු මේ දේශපාලනඥයා බිල දැක වෙළඳ සහායකයාට කෑ ගැසුවේය. වට්ටමක් ඉල්ලා සිටියේය. ඔහු වෙව්ලමින් බොස්ට ඇමතුමක් ගත්තේය. ඇමැතිට ටයි පටියක් හා මේස් බැනියමක් නොමිලේ දෙන්නැයි බොස් අනෙක් පැත්තෙන් උපදෙස් දුන්නේය. සේරම සල්ලි ටික ගන්නැයිද උපදෙස් දුන්නේය. තෑග්ගද ඇනවුමද බාර දුන්නේය. ඇමැති රුපියල් 24,500ක් ගෙවා යන්නට යද්දී සේවකයා සර්, සර් කියමින් පස්සෙන් ගියේය. 5000ක් අඩු බව කීවේය. ‘බොස්ට කියනවා ඔච්චරයි මගෙ ළඟ තියෙන්නේ කියලා‘ යැයි ඇමැති ටේලර් සාප්පුවෙන් පිටව ගියේය.
ඔහු යහපාලනයට සම්බන්ධ ඇමැති කෙනකු බව කියති.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටේලර් සාප්පු බිල ජෝන් බාස්ට යයි
ප්‍රභාත් කුලතුංග Monday, 14 September 2015 05:05 AM
පොලිසියට පැමිණිලි කරන්න. ඇඳුමක් ඇඳගෙනද එයා හිටියේ? (නි)
ලක්ෂිත පැරිසිය Sunday, 06 September 2015 04:46 PM
බලු මැක්කෝ කොට්ටය උඩ තියන්න බැහැනේ! (නි)
සම්පත් Tuesday, 15 September 2015 07:27 AM
රුපියල් විසිනමදාහක් යනවද ඇඳුමකට? අනේ මන්දා අනෙක ජාතික ඇඳුමකට? මහන්න දෙන්න කලින් බිල දන්නේ නැද්ද? අනෙක එතුමලාගේ අතේ වුණත් ඔයතරම් සල්ලියක් කොයින්ද? තවම පත්වුණා විතරනේ. ටිකක් ඉන්නකෝ. ඡන්දෙටත් බරට වියදම් කරලා හරි අමාරුවෙන් ඉන්නේ (නි)
සුදෙල්මි Tuesday, 08 September 2015 12:00 PM
රටක ඇමැති කෙනෙක් මේවාගේ වැඩ කරාවිද? (ම)
මදු Monday, 07 September 2015 03:39 PM
යහ පාලනේ හොරු නැහැ. (අ)
සම්පත් වන්නිආරච්චි Monday, 07 September 2015 03:43 PM
කව්ද මේ ජෝන් බාස්, නොගැලපෙන මාතෘතාව අපට ඉඟි සපයයි. (අ)
චන්ද්‍ර වීරසිංහ Sunday, 06 September 2015 09:32 PM
දේශපාලකයෝ පොලු තියන බව දන්නේ නැද්ද? කතානායකතුමාට ලියන්න. ලැජ්ජා නැතිකම ඇමතිකමට වඩා ලොකුයි (නි)
නන්දලාල්-ප්‍රංශය Monday, 07 September 2015 08:05 AM
මේක හරියට කිරි මුට්ටියට ගොම බිඳක් දැම්මා වගේ. ඒක කරපු කෙනාගෙන් හිඟ මුදල ගන්න. (නි)
දහම් Monday, 07 September 2015 04:09 PM
මෙයා කවුද කියලා මට නම් හිතාගන්න පුලුවන් (නි)
සල්ගාදු පැරිස් Monday, 07 September 2015 04:21 PM
පසුගිය රජය කාලයේ මට මතකයි ගොඩක් දේවල් (නි)
ගජේන්ද්‍ර Monday, 07 September 2015 04:24 PM
අනේ මෙහෙමත් දේශපාලකයෝ? (නි)
සමන්ති Monday, 07 September 2015 01:33 AM
ජාතික ඇඳුමට ටයි පටියක් නොමිලේ? අලුත්ම වෙළඳ ප්‍රවර්ධන ක්‍රමයක්. (නි)
ජයනාත් වික්‍රමසිංහ Monday, 07 September 2015 08:41 AM
හඃ හඃ හා ! ඕක ඉතින් ඉතාම සාමාන්‍ය දෙයක්. ලංකාවේ දෙස්පාලුවෝ පොලු තියන්න හරිම දස්සයි. හිටපු ආණ්ඩුවේ කට්ටිය රජයේ ආයතන වලට පොලු තිබ්බ. රජයේ වියදමින් සැප වින්ද. කැලණියේ එක්කෙනෙක් රෙදි සාප්පුවකටත් පොලු තිබ්බේ. දැන් අලුත් කට්ටිය කීප දෙනෙක් මේ විදිහට පුද්ගලික ආයතන වලට පොලු තියන්න පටන් අරන්. දැන්ම මේවගේ සිද්ධි වලට ඇක්ෂන් නොගත්තොත් වැඩේ දරුණු වේවි. ආණ්ඩුවේ ලොක්කොයි කථානායකයි සද්ද නැති නිසා ජනතාව පක්ෂ බේදයෙන් තොරව නැගී සිටිය යුතුයි. (බ)
පෙරේරා Tuesday, 08 September 2015 06:59 AM
ජාතික ඇඳුමකට 29,500ක් ගන්න මොනවයින්ද මහලා තිබුනේ? (නි)
සම්පත් වන්නිආරච්චි Sunday, 13 September 2015 08:32 AM
ගොම මුට්ටිවල කිරි කොයින්ද?. “ගොම මුට්ටියට අසූචි මිශ්‍ර වුණා වගේ" කියා එය තරමක් නිවැරදි කරමු. (බ)
පිටබැද්දර ජයා Sunday, 06 September 2015 12:40 PM
බය නැතුව ගිහින් පැමිණිලි කරන්න. නැත්නම් අනිත් 5000 දෙනතුරු ඇඳුම් ටික දෙන්න එපා.තාමත් මේ මිනිසුන් තමන්ගේ තනතුරේ ගරුත්වය රැකගන්න දන්නේ නැහැනේ (නි)
ධනුෂ්ක Thursday, 10 September 2015 02:33 AM
නන්දලාල්, මොන කිරි මුට්ටිය ගැනද ඔයා කතා කරන්නේ? (නි)
නානයක්කාර Monday, 14 September 2015 09:19 AM
දැන් ඉස්සර වගේ සුදු වෑන් නැ. එක නිසා වැඩේ ඇත්ත නම් කෙලින්ම නම් ගම් එළි කරන්න (ම)
සුජිව Tuesday, 08 September 2015 10:42 AM
නන්දලාල්, කොහෙද ඔය කිරිමුට්ටිය තියෙන්නේ. ගොම හලියකුඉ අච්චාරු හැලියකුයි තියෙන්නේ. (ම)