'ඇත්තටම මට මීට පෙර සරසවි, ජනාධිපති සම්මාන, රූපවාහිනී සම්මාන ලැබී තියෙනවා. විශ්වවිද්‍යාල සම්මානත් ලැබී තියෙනවා. ඒත් මම මෙවර මට ලැබුණු සුමති සම්මානයත් අගය කරනවා. අනික මම දැනගෙන හිටියා මට මේ සම්මානය කොයි වසරකදී හෝ ලැබේවි කියලා" කලං කතාව ඇරඹුවේය.
වත්මන් ටෙලිනාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම කණගාටුයි. මොකද අද අපට සිද්ධවෙලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම් අස්සේ ටෙලිනාට්‍යයේ කොටස් කීපයක් නරඹන්නයි. ඒ තරමටම ටෙලිනාට්‍ය කලාව වෙළෙඳ භාණ්ඩයක් වෙලා.
රඟපෑම යන්න ජයගැනීමට නම් වේදිකා නාට්‍ය කලාවෙන් රූපණය හැදෑරිය යුතු බවට මතයක් ගොඩනැගිලා?
මම නම් ඒ කාරණාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මගේ රංගන ජීවිතයේදී නම් වේදිකා නාට්‍ය කලාව යන්න එතරම් අදාළ වුණේ නැහැ. ඒ වගේම වේදිකා නාට්‍ය කලාවෙන් පැමිණි දක්ෂ නළු නිළියන් සිනමාවේ මා සමග වැඩ කරද්දී මට සම්මාන ලැබුණු අවස්ථාත් තියෙනවා. ඒ නිසා රූපණය සඳහා වැදගත් වෙන්නේ අප ලබාගන්නා දැනුම සහ අත්දැකීම් පමණයි. උදාහරණයක් විදිහට මගතොටදී අපට කොතරම් චරිත හම්බවෙනවාද? ඒත් ඔවුන් ගැන ආධුනික රූපණ ශිල්පීන් කොතරම් අවධානයක් යොමු කරනවාද? එම චරිත ගැන සියුම්ව නිරීක්ෂණය කරනවාද? ඒවා තමයි වැදගත් වෙන්නේ. රංගනය පිළිබඳ විධිමත් පුහුණුවක් අනවශ්‍යයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි එවැනි විධිමත් පුහුණුවක් නොමැතිව වුණත් අත්දැකීම් තුළින් රූපණය ජයගත හැකි බව පෙන්වා තිබෙනවා.
හැබැයි විධිමත් රංගනයක් පුහුණුවීමට හැකි ප්‍රමිතිගත ආයතනයක් හෝ පුද්ගලයන් පිළිබඳ ආධුනිකයන්ට යම් ප්‍රශ්නයක් මතුවෙලා?
විධිමත් රංගන පාසලක් තිබීම වැදගත්. ඒත් එවැනි පාසලක් ලංකාවේ නැහැ. අනික ඔබ කියූ පරිදි රූපණය පිළිබඳ උගන්වන ගුරුවරුන් ගැනත් නැවත සොයා බැලිය යුතුයි. ඔවුන්ට රූපණය පිළිබඳ නිසියාකාරව උගැන්විය හැකිද යන්නත් පැහැදිලිවම සොයා බැලිය යුතුයි. මොකද අපිත් ඒ කාලේ හුඟක් පොත්පත් කියෙව්වා. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම ආදී විශිෂ්ටයන්ගෙන් හුඟක් දේවල් සිනමාව ගැන ඉගෙන ගත්තා. ඒත් පසුගිය කාලයේ නම් අපේ වත්මන් කලාකරුවන් ඉතා කණගාටුදායක සිදුවීම්වලට මුහුණදුන්නා. අපි ඒ ගැන කණගාටු වෙනවා.
ඒ කියන්නේ කලාකරුවා සිටිය යුත්තේ කලාකරුවාගේ භූමිකාවේද?
කලාකරුවාට දේශපාලනය කරන්න පුළුවන්. ඒත් ඒ සඳහා එම ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් තිබිය යුතුයි. එහෙම නැතුව හම්බ කරන්න දේශපාලනයේ යෙදෙන කලාකරුවන්ව අනුමත කරන්න මට බැහැ. ඒ නිසා සැබෑ කලාකරුවා මුදල් පසුපස යන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ.
නළුවන් මත යැපෙන කලාවක් බවට සිනමාව, නාට්‍ය කලාව සහ ටෙලිනාට්‍ය කලාව පත්වෙලා නේද?
ඔව්. ඒත් කවුරු නැතිවුණත් සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය කලාව තාමත් පවතිනවා. එතකොට කෝ මෑතකාලීනව සිනමාවට මතුවුණු අලුත් චරිත වැනි ප්‍රශ්නයක් මටත් පැනනැගිලා තියෙනවා. අනික කෝ වේදිකා නාට්‍ය කලාවට මතුවුණු අලුත් චරිත? මොකද අද වේදිකා නාට්‍ය කලාවත් වෙළෙඳ භාණ්ඩයක් වෙලයි තියෙන්නේ. සිනමාවත් එහෙම තමයි.
ඒ කියන්නේ වත්මන් ප්‍රේක්ෂකයාගේ රසිකත්වය මොට වෙලාද?
ප්‍රේක්ෂකයා ඉතා බුද්ධිමත්. හොඳ රසිකත්වයක් තියෙනවා. මොකද ඔවුන් හොඳ නිර්මාණයක් දැනගන්න ලැබුණාම සොයාගෙන ගිහින් බලන්න තරම් උනන්දුයි. ඒ තරම් තීක්ෂණ බුද්ධියක් තියෙනවා. අවධානයෙන් ඉන්නේ. හැබැයි ඒ බුද්ධිමත් රසිකයා නිහඬයි. ඒ නිසා දේශපාලන ඇඟිලි ගැසීම් සහ ඇතැම් මාධ්‍යයන් විසින් එම ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය අවුල් කරන බවයි මගේ නම් විශ්වාසය.
සටහන - මාලන් විදානපතිරණ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ටෙලිනාට්‍ය කලාව වෙළෙඳ භාණ්ඩයක් වෙලා
නිමේෂා Monday, 27 February 2023 10:00 PM
අත්ත්ටම ඔව්. අද සමාජය දෙස බලන විටි සියල්ලම මුදල මතයි යැපෙන්නෙ. ඒ අනුව ටෙලිනාට්‍ය වානිජකරණයට ලක් නොවී සිටීම පුදුමයක් විය හැකියි. මම බොහෝ අදහස් ප්‍රකාශ නොකරන්නම් මන්දයත් විකාශනය වන ටෙලිනාට්‍ය අවසානයේදී දක්වන නාමාවලිය මෙයට හොදම නිදසුනක් වන නිසාවෙනි. එය බැලු බැලිමින්ම එය වානිජකරණයට හසු වී ඇති බව පසක් වනු ඇත.