ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ වැලිකඩ හන්දියේදී බ්‍රහස්පතින්දා ත්‍රී රෝද රියක් පදවාගෙන ගිය රියදුරෙක් ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය. පිටුපස ආසනයේ රථවාහන පොලිසියේ කොස්තාපල්වරයෙක්ද සිටියේය.
අඩු ගණනේ මිනිත්තු 5ක් පමණ රියදුරා ජංගම දුරකථනය එක් අතකින් කනේ ගසාගෙන රිය පැදවීය.
එසැණ ඡායාරූප ශිල්පියා පින්තූරයක් ගනිද්දී එසැණ වාහනයේ මග හරස්කර ත්‍රී රෝද රිය නතර කළ පසු පිටුපස ආසනයේ සිටි කොස්තාපල් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහුට කථා කළේය.
‘මොනවද ගන්නේ? ඔයාලා කොහොමද අපේ පින්තූර ගන්නේ? ඔයාලට පුළුවන්ද අපට නීතිය උගන්වන්න‘ යනුවෙන් සැරෙන් කථා කළ කොස්තාපල් ත්‍රී රෝද රියෙන් බැස එසැණ වාහනය අසළට පැමිණියේය.
කැමරා ශිල්පියාගේ හැඳුනුම්පතද පිරික්සීය. ත්‍රී රෝද රිය පැදවූ පුද්ගලයාද ‘අපි පස්සේ බලාගමු‘ යනුවෙන් කීවේය.
මෙම ත්‍රී රෝද රියේ අංකයද එසැණ සතුය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රැෆික් පීසී නීතියට සරදම් කරයි : ඡායාරූප ශිල්පියාටත් ගොරවයි
උදිත් Monday, 17 August 2015 12:42 PM
මන්ත්‍රී කෙනෙක්ගේ තුන්ඩු කැල්ලකට ලොක්කෙක් උන රාළහාමි කෙනෙක් වෙන්න ඇති.(නදී)
අජිත් Friday, 14 August 2015 05:59 AM
පොලිසිය කවදද ඔයා කියලා කථා කළේ ? (බ)