IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්-පුටින් හමුවෙති

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය.

මුලින්ම එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුර බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ඒ, ඔහුගේ එයාර් ෆෝස් 1 ගුවන් යානයෙනි.

පුටින් ඔහුගේ නිල ගුවන් යානයෙන් හමුදා කඳවුර වෙත පැමිණියේ ඉන්පසුවය.

ඇලස්කාව යනු ඇමෙරිකන් ප්‍රාන්තයකි. පුටින්ගේ පැමිණීමට විරෝධය දක්වමින් ඇලස්කා වැසියන්ගෙන් විරෝධයක් ද එල්ල විය.

ට්‍රම්ප් සහ පුටින් මෙසේ මේ අයුරින් හමුවන්නේ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට සාකච්ඡා පැවැත්වීම සඳහාය.

යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත්වීම ගැන පුටින් සතුට පළ කර ඇත.

ගුවන් යානාවලින් බැසගත් ලෝක බලවතුන් දෙදෙනා සුහදව එකිනෙකාට අතට අත දෙමින්, සාකච්ඡා පැවැත්වෙන කාමරය බලා ගියේ මාධ්‍යවේදීන්ට ද අත වනමිනි.

මේ මොහොත වෙද්දී, ලෝක බලවතුන් දෙදෙනා අතරේ සාකච්ඡා ආරම්භ වී ඇත.

(බීබීසී)



අදහස් (0)

ට්‍රම්ප්-පුටින් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14713 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 443 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site