IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ටිරෝන්ගේ තැන දුෂාන්ට

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ නවතම ඡුන්ද ප‍්‍රතිඵල වලට  අනුව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවූ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත ඡුන්ද 3617 ක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ඒ පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 154 ත් සමගය. දෙවැනි ස්ථානයේ මෙතෙක් රැදී සිටි රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් අඹිබවමින් ඔහු දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ටිරෝන් දැන් තෙවැනි ස්ථානයේ පසුවේ.

ටිරෝන් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡුන්ද 23 ක් පමණි. ඔහුගේ මුළු ඡුන්ද සංඛ්‍යාව දැන් 3595 කි. තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1134 ත් සමගින් මුළු ඡුන්ද 16000 සීමාවට ලගාවී සිටී. ඔහු ඡුන්ද 15989 ක් ලබාගෙන තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටී.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසලේ වලීඞ් ජිෆ්රි පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1346 ත් සමගින් මුළු ඡුන්ද 6500 සීමාව පසුකිරීමට සමත්වී තිබේ.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 1478 ලබාගැනීමට සමත්වූයේ පසුගිය සතිය තුළදීලබාගත් ඡුන්ද 20 ත් සමගිනි. ඔහු තවදුරටත් නැගී එන පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයින් අතර පෙරමුණේ පසුවෙයි.

මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා  පාසල ඡන්ද
මින්හාජ් ජලීල්  තර්ස්ටන් විදුහල 15989
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 3617
ඒ. කේ. ටිරෝන්    රිච්මන්ඞ් විදුහල 3595
දිනුක වික‍්‍රමනායක ත‍්‍රිත්ව විදුහල 1468   
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල    1022
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 588
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 488
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 213
දමිඳු අෂාන් පානදුර රාජකීය විදුහල   198
කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විදුහල 186
දේවින් පත්මනාතන්  කොළඹ රාජකීය විදුහල 177
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 148
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 79
සන්ජික රිද්ම මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 74
ගෙහාන් ගජධීර මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 10


නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා  පාසල ඡන්ද
සංජු ශාරුක් ගාල්ල විද්‍යාලෝක විදුහල 1478
ලහිරු විමුක්ති    පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 837
චාමික අමරසේකර පානදුර ශ්‍රී සුමංගල විදුහල 588
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 343
භානුක මනිලංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 155
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 121
සදීප ලක්ෂාන්    වේයන්ගොඩ බලවන විදුහල 19
ලසිත් ලක්ෂාන් මාතර ශන්ත තොමස් විදුහල 16
නිපුන යතිදුර කැළණිය ධර්මාලෝක විදුහල 13

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා  පාසල ඡන්ද
වලීඞ් ජෙෆ්රි ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල 6785
සසික රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 4674
ඬේවින් යසත් සේරසිංහ ගේට්වේ ජාත්‍යන්තර විදුහල    65
පවින් ලහඳුපුරගේ වත්තල ලයිසියම් විදුහල 18
නවීන් සන්ජුල කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල  3

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. සේපාල ජයසේකර, 10 ඊ 82 ඛ, ජාතික නිවාස සංකීර්ණය, රද්දොළුගම
2. එල්. එම්. ආර්. බණ්ඩාර, 243/1, හිරියාල, අඹේගස්වැව
3. එල්. එස්. පී. ප‍්‍රියන්ත, 56/19 , ශාන්ත ජූඞ් මාවත, මහබාගෙ, වැලිසර
4. අකිල මනෙලංග, 48, සිද්ධාර්ථ මාවත, කෑගල්ල

 



අදහස් (0)

ටිරෝන්ගේ තැන දුෂාන්ට

ගයාන් Thursday, 28 March 2013 07:51 AM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site