
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු ඊයේ (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසි පවසයි.
යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ද ලැබී ඇත.
එම සිසුවියන්ගේ මවුවරුන් මෙම පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා පෙරේදා (29) රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන අද (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල සහ වීරගුල පොලිසි පවසයි. යක්කල සහ වීරගුල පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මෙී පිළිබද පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටියුෂන් ගිය සිසුවියන් තිදෙනා අතුරුදන්
රංබොඩ Friday, 31 May 2024 12:16 AM
දැන් කාලෙ ළමයින් වැඩි දෙනෙක් ඉන්නෙ මිරිඟු දියේ පීන පීනා. අන්තිමට අහිංසක දෙමාපියන් ට තමයි දුක් ගින්දර . බලමු මේ ගැටිස්සියෝ තුන්දෙනා නටපු නාඩගම මොකද්ද කියලා. ජීව්ත හෝ ආත්මය විනාශ කරගෙන නැත්නම් එච්චරයි .
Bunny Preena Friday, 31 May 2024 10:32 AM
සමරිසි කට්ටියගේ මුසාබස්වලට රැවටිලා නොමග ගිහිල්ලා වත්ද?
උධුලි Friday, 31 May 2024 01:20 PM
තුන්දෙනෙක් නිසා කොහේ හරි යන්න ඇති ඇවිදින්න. දැන් ඉන්න ළමයි දෙමව්පියන්ට කියන්නේ නැතිව හිතුමතේ ගමන් යනවා. මේ අයත් එහෙම ගියාද දන්නේ නෑ... කිසිම කරදරයක් නැතිව ඉක්මනින්ම ගෙදර පැමිණෙන්න ලැබේවා. දෙමව්පියන්ට දුක් ගින්දර කොච්චර ඇද්ද?