IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ටයරයක දමා පුද්ගලයකු පිළිස්සී යැයි අත්අඩංගුවට ගත් තිදෙනා රදවා ප්‍රශ්න කරන්න අවසර

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේ දී ටයර් දමා පුළුස්සා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලීසියට අද (30) අවසර ලබාදීම දුන්නේය.

මාතලේ  කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මාතලේ කොට්ඨාස අපරාධ   අංශයේ කණ්ඩායම් නායක  පොලිස් පරීක්ෂක එස් .පී .එම්  තිලකවර්ධන යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් ප්‍රධාන සැකකරු සිද්ධිය වූ ස්ථානයට රැගෙන ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබූහ.

එම ස්ථානයට ගිය ප්‍රධාන සැකකරු පොලීසියට කියා සිටියේ පළමු දිනයේ තම මිතුරෙකුගේ උදව්වෙන් මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළ බවත් එදින ඝාතනය කිරීමට නොහැකි වූ බව ය.

මෙම මියගිය පුද්ගලයා යතුරු පැදියකින් රැගෙන විත් උදැල්ලකින් හිසට පහරදී ඝාතනය කර මිතුරා ගෙනත් දුන් පරණ ටයර්  විසි අටක් දමා සිරුරට ගිනි තැබූ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කළේ ය.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් මෙම මියගිය පුද්ගලයා ද එය දැනගෙන සිටි බවද ඔහුගේ අනුදැනුම මත තිදෙනා එක්ව විකෘති  ලිංගික ආශාවන් ඉෂ්ට කිරීම තමා විසින් සිදුකරන ලැබූ බවද සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් පොලිසිය ප්‍රශ්න කරමින් සිටින අතර මියගිය පුද්ගලයාගේ  බිරිඳ ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් යන බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා වැඩිදුරටත් පොලීසියට සඳහන් කොට ඇත්තේ තම මිතුරා ඝාතනය වූ තම මිතුරා 2001 වසරේ සිට ඇසුරු කරන අයෙකු බවය ඝාතනය කර තමන් ඔහුගේ බිරිඳ ළඟට ගොස්  ලැගුම්හලක බිරිඳ සමඟ නැවතුණු බවද ප්‍රකාශ කර තිබේ.

එහිදී තමන්ගේ බිරිඳටත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ටත් මෙම මිතුරා ඝාතනය කළ බව දැන් වූයේ යැයිද සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

ටයරයක දමා පුද්ගලයකු පිළිස්සී යැයි අත්අඩංගුවට ගත් තිදෙනා රදවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site