IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටොයෝටා සමාගමේ සභාපති දිවි ගමන නිම කරයි

ටොයෝටා සමාගමේ නිර්මාතෘ කිචිරෝ ටොයොඩා මහතාගේ පුත් සොයිචිරෝ ටොයොඩා මහතා අභාවප්‍රාප්ත වූ බව ටොයොටා සමාගම ප්‍රකාශ කර ඇත.

අභාවප්‍රාප්ත වන විට සොයිචිරෝ ටොයොඩා මහතා 97 වැනි වියේ පසුවිය.

නගෝයා විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගනිමින් 1952 වසරේදී සොයිචිරෝ ටොයොඩා මහතා ටොයොටා සමාගමේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත.

පසුව ඔහු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබාගෙන තිබේ.

1961 වසරේ ඔහු ටොයෝටා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වූ අතර 1967 වසරේ දී ඔහු ජ්‍යෙෂ්ඨ කළමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් විය.

2009 වසරේ දී ඔහු ටොයොටා සමාගමේ සභාපති ධුරයට පත් වූ අතර අභාවප්‍රාප්ත වන තෙක් එම ධුරයේ කටයුතු කළේය.

සොයිචිරෝ ටොයොඩා මහතා වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අකියෝ ටොයොඩා මහතාගේ පියාණන් ද විය.

034



අදහස් (5)

ටොයෝටා සමාගමේ සභාපති දිවි ගමන නිම කරයි

Manju Wednesday, 15 February 2023 04:21 PM

විශ්වාසයෙන් ගමනක් යාමට අපට ඉඩ සැලසු ඔබට සුබ ගමන්....

:       1       32

osharap Wednesday, 15 February 2023 05:59 PM

ලෝකෙටම මහත් සේවයක් කල ඔබට නිවන් සුව!!!

:       0       10

arschfikaa Wednesday, 15 February 2023 08:48 PM

ලංකාවේ සිංහල සුරුට්ටුවන්ට කෝටි ගණන් සල්ලිත් ඒ වගේම ලොකු ලොකු ටොයෝටා වාහනත් නිකම්ම දුන්නු ඔබට සුරුට්ටුවන් අද කාලගුණ සැලකුවාද?

:       1       0

Nihal Wednesday, 15 February 2023 11:30 PM

අංක එකට විකිණෙන රථය

:       0       2

Bunny Preena Thursday, 16 February 2023 10:17 AM

ලෝක වාසීන්ගේ විශ්වාසය දිනාගත් හොඳම මෝටර් රථ ව්‍යාපාරිකයා .ඔබගේ සේවය සහ නාමය සදා අමරණීය වනු ඇත .ඔබට නිවන් සුව පතමි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site