IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ටිපර් රියට යටවී සිසුවිය මරුට

බටපොල ඇල්පිටිය මාර්ගයේ කිරිමැටිය තේවත්ත අසල අද (14) සවස වාහන අනතුරකින් පාසල් දැරියක් මරණයට පත්විය. මරණයට පත් වූයේ කුරුඳුගහහැතැම්ම ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන ජී.ඩබ්. චතුරි කෞශල්‍යා (17) සිසුවියයි.

පියා සමග යතුරුපැදියන් ගෙදර යමින් සිටිය දී ටිපර් රථයක් ඉස්සර කිරීමට ගොස් තවත් යතුරුපැදියක ගැටීමෙන් පසු ටිපර් රථයට යටවී මෙම සිසුවිය මරණයට පත් වි

.01

IMG_0763 IMG_0779 IMG_0783-(1)

ඡායාරූප දීපාල් ද සිල්වා



අදහස් (0)

ටිපර් රියට යටවී සිසුවිය මරුට

මුණසිංහ Friday, 15 January 2016 02:11 AM

පොලිසිය මාර්ග නීති කඩන අයට එරෙහිව ගන්නා පියවර හොඳටම මදි. පොලිසියෙන් ඉල්ලන්නේ මාර්ග නීති කඩන සියලු දෙනාට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. අද කී දෙනෙක් වමෙන් ඉස්සර කරනවද? ට්‍රැෆික් පොලිසියට තමන්ගේ රාජකාරිය වෙලා තියෙන්නේ හන්දිවල වාහන හසුරුවන එක විතරයි. නීතිය කඩන අයට එරෙහිව පියවර ගන්නවා නම් එක කරන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

සමන් Friday, 15 January 2016 02:27 AM

මනෝජ්, මම නම් දැනගෙන හිටියේ නැහැ ඔබ පවසන ඉතාම වැදගත් ආරක්ෂක ක්‍රියාමාර්ගය ගැන. මට එහි ඉතා වැදගත් සහ කාලෝචිත බවක් පෙනෙනවා. ඔබට බොහොම ස්තුතියි මේ වගේ මතයක් පළකිරීම ගැන (නි)

:       0       0

චානක Saturday, 16 January 2016 02:03 AM

මේ ටිපර් මාරයා ගැන නම් තීරණයක් ගන්න ඕනෑ (නි)

:       0       0

දිනේෂ් Friday, 15 January 2016 04:22 AM

හරිම දුක හිතන පුවතක්. නිවන් සුව ලැබේවා (ම)

:       0       0

ගුණවර්ධන Friday, 15 January 2016 04:30 AM

දුවේ, නැවත ඔයාට මේ වගේ අකල් මරණයක් නොවේවා (ම)

:       0       0

රමණි Friday, 15 January 2016 04:52 AM

යතුරු පැදි දෙකක් හැප්පිලා දියණිය වැටුන පසුවද ටිපර් එකට යටවුණේ. මොනවා වුනත් අනේ පවු. (බ)

:       0       0

චන්න බුවනෙක Friday, 15 January 2016 05:10 AM

මේ හැමදේටම වැරදි වාහන ණයට ගන්න මුදල දෙන ආයතන. ණයට සල්ලි දෙනවා. මිනිස්සු වාහන ගන්නවා. ණය සහ පොලි ගෙවන්න ඕනි නිසා හැටට හැටේ දුවනවා. ඉතින් සිද්ද වෙන්නේ මේ වගේ අවාසනාවන්ත දේවල්. (ම)

:       0       0

සුදත් ශ්‍රී Friday, 15 January 2016 05:07 AM

මට හිතෙන හැටියට ට්‍රිපර් රථය ඉස්සර කිරීමේදී පියාගෙනුත් වරදක් සිදුවී තිබෙනවා. (ම)

:       0       0

තිලක් Thursday, 14 January 2016 05:02 PM

කෝ අර ටයර් වලට ඉදිරියෙන් ඇති ආරක්ෂිත ආවරණය? මේවා තමයි අල්ලපු රටෙන් ලාබෙට ගෙනෙන ඒවා. දැන්වත් අන්තර්ජාතික ප්‍රමිතියට ඇති වාහන පමණක් රටට ගෙන එමු (නි)

:       0       0

අප්පුහාමි Thursday, 14 January 2016 05:20 PM

පව්....හදිස්සිය නිසානේ මේ ඔක්කොම (නි)

:       0       0

ආනන්ද Thursday, 14 January 2016 05:52 PM

කොහොමත් මේ ටිපර් කියන්නේ මඟමරුවෝ. දුවේ, නැවත ඔයාට මේ වගේ අකල් මරණයක් නොවේවා! (නි)

:       0       0

අබය Thursday, 14 January 2016 07:42 PM

ඒ දැරියගේ පියාට කොයිතරම් වේදනාවක් ඇද්ද එවැනි අකල් මරණයක් සිදුවීම ගැන. නිවන් සුව!!! (නි)

:       0       0

හේවා Thursday, 14 January 2016 07:51 PM

සියලු දෙවි දේවතාවුන් ඇතුළු බලධාරීනි, මේ අමන ටිපර් රියදුරන් පිළිබඳව නිසි පියවරක් ගන්නේ කවදාද? (නි)

:       0       0

මනෝජ් Friday, 15 January 2016 12:33 AM

වාහන නීති ක්‍රියාත්මක කිරීමේදී ඉංජිනේරුමය හා මනෝවිද්‍යාත්මක පැත්ත ගැන ලංකාවේ කවුරුවත් බලන්නේ නැහැ. මේ වාහනයේ රෝද දෙක ආවරණය වෙන්න වැටක් තිබියයුතු නමුත් එය නැහැ. වාහන තැනීමේ රෙගුලාසි උල්ලංගනය කරලා. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව ලියාපදිංචි කිරීමේදී මෙය සළකා බලලා නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site