
(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය නගරයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදිකරු මරණයට පත්ව , පසුපස අසුනේ සිටි පුත්‍රයා වන පාසැල් සිසුවා තුවාල ලබා ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය උණගොල්ල ප්‍රදේශයේ පදිංචි පනස් හතර වියැති පුද්ගලයෙකු බවද , අනතුරින් තුවාල ලබා ඇත්තේ මරණකරුගේ පුතා වන නිකවැරටිය නගරයේ ප්‍රධාන පාසැලක 18 වියැති සිසුවෙකු බවද පොලීසිය සඳහන් කරයි .
නිකවැරටිය පුත්තලම ප්‍රධාන මාර්ගයේදී අනතුර සිදුව ඇති අතර යතුරුපැදිය ඉදිරියෙන් සහ ටිපර් රථය පසුපසින්ද එකම දෙසට ධාවනය වෙමින් තිබී ඇති බවද , ටිපර් රථයේ රියදුරා (43) අත්අඩංගුවට ගත් බවද , පොලීසිය සඳහන් කරයි .
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිපරයේ ගැටුණු යතුරුපැදිකරු මරුට