IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

(කේ. බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ටැටූ  මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු  දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය ඇතුළු සැකකරුවන් හත් දෙනා  සහ එම ඝාතනයට අනුබල දුන් බවට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකාරියක සමගින් අට දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්  චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නියෝග කලාය

රක්ෂිත බන්ධනාගාර ගත සිටි සැකකරුවන් හත් දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා සිදුකර තිබෙන සියලු ප්‍රකාශ පොලිසිය මගින් බලපෑම් සිදුකර ලබාගත් ප්‍රකාශ බවත් ස්වේච්ඡාවෙන් ලබා දුන් ප්‍රකාශ නොවන බවත් පැවසූ බැවින්  තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටින ලදී

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය  රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය

ඒ අනුව අධිකරණයේ දිවා විවේකයෙන් පසු පළමු සැකකරු වන ටැටූ මධ්‍යස්ථානය හිමිකාර දුලාන් සංජය නැමැත්තා විනාඩි හතළිහකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරිය  ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දෙන ලදී



අදහස් (2)

ටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

නිර්මාල් ජයමහා Tuesday, 23 July 2024 05:47 AM

මිනිමරුවන්ට කඩේ යන නීතිඥයෝ.. සල්ලි හම්බ කරන්න ඕනිම බලු වැඩ කරන ජොබ් එකක්

:       1       1

fairoos Tuesday, 23 July 2024 11:37 AM

පොලිසියේ තවත් නාඩගමක්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site