IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ටච්වුඩ් අදියුරුට රටින් යන්න බෑ

ටච්වුඩ් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ස්වර්ණා මැලනි ශ්‍රී ලංකාවෙන් පිටවී යෑමට තැත් කළහොත් අත්අඩංගුට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

ඇය දැනටම රටින් පිටවී ඇතැයි කියන තොරතුරක් ලැබී ඇතැයි ද ඇය රටින් පිටවී ගොස් නැත්නම් කටුනායක දී අත්අඩංගුවට ගන්නා ලෙසත්, රටින් පිටවී ඇත්නම් ආපසු එන විට අත්අඩංගුවට ගන්නා ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තායිලන්තයේ එගාර් නම් ශාඛය වැවීම සඳහා රාජගිරියේ පදිංචිකරුවකුගෙන් රුපියල් පනස් අට ලක්ෂයක් වංචා කළැයි මේ නඩුවෙන් මැලනිට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

තමා සමග එළැඹි ගිවිසුම කඩ කරමින් 2006 අයෝජනය කළ අමෙරිකා ඩොලර් 17986 (රුපියල් 2374152) වෙනුවෙන් 2012 වසර අවසානයේ දී තමාට ලැබිය යුතු ඇමෙරිකා ඩොලර් 9200 (රුපියල් 1214400) ලාභාංශය නොගෙවීයැයි පැමිණිලිකාරිය කියා සිටී.

 



අදහස් (20)

ටච්වුඩ් අදියුරුට රටින් යන්න බෑ

චමත් [ලංකාව] Tuesday, 12 November 2013 01:37 AM

මෙම තැනැත්තිය දැනටමත් රටින් පිටවී ඇත්නම් ආපසු එන විටදී අත්අඩංගුවට ගත හැකියි එම නමින්ම පැමිණියහොත් පමණක්. නමුත් මැය වෙනත් රටක පුරවැසිභාවයකුත් ගෙන ඇත්නම්, එම රටේදී නම වෙනස් කර අලුත් ගමන් බලපත්‍රයක් ගෙන, මුහුණුවරද වෙනස් කොට ලංකාවට පැමිණියහොත් ඇය ඇල්ලීම බොරුය. (නි)

:       0       0

ලාල් Tuesday, 12 November 2013 02:33 AM

මේ මනුස්සයට සල්ලි තිබුනට මොළේ නැහැනේ. ලක්ෂ 58 ක් තිබුනා නම් හොද පොල් ඉඩමක් හරි තේ ඉඩමක් හරි අරගෙන දාන්න තිබුනනේ.දැන් ඉතින් හුළං තමයි (නි)

:       0       0

උපාලි Tuesday, 12 November 2013 03:51 AM

ඒ කියන්නේ තවම මෙයා රට ඇතුලේ ඉන්නවද නැද්ද කියලා රහස් පොලිසියවත් දන්නේ නැහැ. බලාගෙන යනකොට ලොකු ලොකු කොම්පැනිකාරයෝ බොහොම දෙනෙක් කම්බ හොරු නොවැ. (නි)

:       0       0

වසන්ති Monday, 11 November 2013 06:26 PM

ඔබට යමක් වවන්න ඕනෑ නම් තමන්ම ඉඩමක් රැගෙන වවාගන්න. (නි)

:       0       0

චන්දිම Tuesday, 12 November 2013 02:00 PM

ඒගාර් කියන්නෙ ජෙලි හදන්න ගන්න මුහුදු පැලෑටියක්නෙ. පේනවද මෙයාට දීල තියෙන ලනුවෙ හැටි. දැන් ඉතින් ජෙලි කෑවා ජෙලි කෑවා කිය කිය ඉන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

වන්නි තිලක් Monday, 11 November 2013 07:15 PM

සමහරු සක්විතිලට රැවටුනා. සමහරු ගෙවල් හදලා දෙන බොරු සමාගම් වලට රැවටුනා. සමහරු ඔබ වෙනුවෙන් තේක්ක පොල් මහෝගනී සඳුන් වවලා අවුරුදු මෙච්චරකින් කෝටියක් හම්බ වෙනවා කිවුව ඒවාට රැවටුනා. දැන් වල්ලපට්ට ගහට ලැබී ඇති අනවශ්‍ය බොරු ප්‍රචාරය නිසා ජනතාව මුලා කොට පොකට් ගහනවා. රැවටෙන්න එපා. තණ්හාව නිසා සල්ලි හොයන්න කෙටි මං හොයන අය‍ට විනාශය මිසක් කිසිවක් ලබා ගන්න බැහැ (නි)

:       0       0

දොඩන්ගොඩ Monday, 11 November 2013 08:04 PM

සක්විති නෝනා කෙනෙක්. 58 ලක්ෂයක් අරන් පැන්නා නම් ඒකෙන් කාලයක් එහෙ ඉඳලා පස්සේ හොරෙන්ම එන්න පුළුවන්. අර සල්ලි දීපු මනුස්සයට මොළේ විරේකයක් දෙන්න වටිනවා, මෝඩ වැඩ කරනවට. දිනපතා පුවත් මගින් රුපවාහිනී නාලිකා මගින් මේවා නිතරම දකිද්දී ,මේවට සල්ලි දෙනවට (නි)

:       0       0

සුනෙත් Monday, 11 November 2013 08:22 PM

දැන් ඉතින් අල්ල හිරේ දානවා ඇරෙන්න ගන්න දෙයක් නම් නැතුව ඇති.. (දී)

:       0       0

අජන්ත Monday, 11 November 2013 08:28 PM

සල්ලි වංචා කරන එක සෙල්ලමකට ගිහිල්ලා (දී)

:       0       0

ගජබා Tuesday, 12 November 2013 09:28 AM

මටත් ඔය කොම්පැනියේ අය තේක්ක ඉඩමක් විකුනන්න ආආ. නමුත් මට ඒ කියපු කතා සහ වර්ණනාව කොහෙත්ම ඇල්ලුවේ නැහැ. අනේ ඉතින්, අතේ සල්ලි තිබුනෙත් නැහැ. කොහොම හරි, මට නිකමට හිතුන දේ හරි. වන්නි තිලක් කියන්න ඕනේ දේ හරියටම කියලා...ඒක කොලයක ලොකුවට ලියල, නිදා ගන්න ඇඳ ඉස්සරහ ගහ ගත්තොත් හැමදාම නොරැවටී ඉන්න පුළුවන් මම හිතන්නේ...!! (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 November 2013 04:26 PM

ඉතාලියේ තණ්හාධික මෝඩයෝ බර ගානක් අහුවුනා මෙම ආයතනයට. (ස)

:       0       0

පද්මේ Tuesday, 12 November 2013 09:52 AM

වන්නි තිලක්,ලාල් මෙතන මේ මනුස්සයාගේ වරදක් නැහැ. මේ මනුස්සය ආයෝජනය කරලා තියෙන්නේ කොළඹ කොටස් පොලේ ලැයිස්තුගත සමාගමක.ප්‍රසිද්ධ ක්‍රීඩකයිනුත් කලින් මෙම සමාගමේ බ්‍රෑන්ඩ් ඇම්බසඩර් ලා වෙලා හිටිය.(නදී)

:       0       0

ජයන්ත Tuesday, 12 November 2013 09:56 AM

මම නං හිතන්නේ බොරු කියා (නදී)

:       0       0

ශාන්ත Tuesday, 12 November 2013 10:22 AM

අනේ ශාන්ති, මම ශාන්ත, ඔයා දෙන්න අනේ මම ගන්නම්. (ස)

:       0       0

කුමාරිහාමි Tuesday, 12 November 2013 10:47 AM

ලාල්, ඔබේ අදහස හරියට හරි. ලක්ෂ 58 කට තේ පොල් රබර් පමණක් නොව ඕන නම් දැව වගා කළ ඉඩමක් වුනත් ගන්න තිබුනා. ලොකු ලාභාංශය පෙන්නලා රවට්ටලා වගෙයි. එගාර් නම් ශාඛය මොන වගේද කියලාවත් එතුමිය දන්නේ නැතුව ඇති. ස්වර්ණා මැලනි නැවත ලංකාවට එයි කියලා හිතන්න බෑ. එයා ලෝකේ කොහේ හිටියත් ලංකාවේ පත්තර, මාධ්‍ය නාලිකා බලනවා අහනවා ඇතිනේ. තමන්ගේ හොරකම් ගැන වාර්තා මාධ්‍යයේ පළවුනා දැක්කම මෙහෙ ඇවිත් අත් අඩංගුවට වැටෙන්න තරම් ඔය වගේ අන්තර්ජාතික හෙරක් මෝඩ නෑ. (ස)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 November 2013 11:01 AM

ඔය කියන සමගම ස්ටෝච්ක් මර්කෙට් එකෙත් ලිස්ට් , මුළු මර්කෙට් ස්ටෝච්ක් මර්කෙට් එකේම මේ සමාගමේ කොටස් ගත්ත අය. දැන් නැතිවෙලා ඉන්නේ,,, (ස)

:       0       0

ශාන්ති Monday, 11 November 2013 11:28 PM

දෙන්ඩ අය ඉන්නකම් ගන්න අයත් අඩුවක් නැහැනේ අජන්ත (දිල්)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 November 2013 12:17 PM

පළමු අදහස පැහැදිලි නැත්නම් සමාවන්න.ටොවඩ් වූඩ් ඉන්වෙස්ට්මෙන්ට් කියන සමගම කොලොම්බෝ ස්ටෝච්ක් මාර්කට් එකෙත් ලයිස්තු ගත සමාගමක්. නමුත් මේ සමගම කොටක් හිමියන්ට වැරදි ප්‍රතිරූපයක් කොටස් සම්බන්ධයන් මවල අහිංසක කොටස් වෙළද පලේ ආයෝජකයන්නව නැති කලා.එක්තරා තැරව්කාර ආයතනයක් මේකට වග කියන්න ඕනේ,,2010 මේ කොටසක වටිනාකම රු 40/- නමුත් අද රු 2/-..කව්ද මේවට වග කියන්න ඕනනේ.. (ස)

:       0       0

කැලුම් Tuesday, 12 November 2013 12:20 PM

අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහන්නයි හදන්නේ. (ස)

:       0       0

කලුතර බෝම්බුවල මංජු Saturday, 26 May 2018 01:05 PM

මගේ තාත්තා යුධ හමුදාවේ සේවය කරන කාලයේ මේ වන වගාවට මුදල් බැන්දා.. මට මතක හැටියට 2018 වසර වනකොට වන වගා ඔප්පුවේ කල්පිරීමට ඇති නිසා තාත්තා මට කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මම ගූගල් එකෙන් හොයන කොට දැන ගත්තා වන වගාව දැන් විනාශ කරලා අපේ මිනිසුන්ගේ සල්ලි අරන් රටින් පැනලා ගිහින් අනේ අපට වේච්ච දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site