IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ටීඑන්ඒ ප්‍රා මන්ත්‍රී ගෑණු 56ක් කෙළෙසලා

මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු දුප්පත් කතුන් 56 දෙනකු සමඟ ගත් අසභ්‍ය වීඩියෝ රුපියල් 200 ගණනේ විකුණා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු එම කතුන් සමඟ සහවාසයේ  යෙදී එම පින්තූර ගෙන ඇතැයි ද, රජයේ සුළු සුළු ආධාර දී ඔවුන් ඊට පොළොඹවාගෙන ඇතැයි ද එවැනි වීඩියෝවක්  වන්නියේ සැමියකු හා පුතකු දැකීමෙන් පසු තුන් දරු මවක සිය දිවි නසාගෙන ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.

එම කාන්තාවගේ මරණයට ගිය වන්නි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ මල්ලාවි පොලිසියට මේ ගැන පැමිණිලි කළහ.

මුලදී පොලිසිය පැමිණිල්ල ලියා නොගත් නමුත් පසුව ලියාගෙන ඇතැයි ද, එම සිද්ධිය සැලවූ පසුව 21 හැවිරිදි තවත් තරුණියක ද සිය දිවි නසාගන්නට ගොස් ඇතැයි ද, එහෙත් ඇය බේරා ගත් බව ද ගැමියෝ පොලිසියට කීහ.

කාන්තා ක්‍රියාකාරිකයෝ පිරිසක් පසුගිය දා යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේ සිට දෙමළ ජාතික සන්ධානයේ යාපන කාර්යාලයයට විරෝධතා පාගමනක යෙදී දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්දන්ගේ හා මාවෙයි සේනාධිරාජාගේ පඹයක් පිලිස්සු බව ද කියති.

දූෂණ සිද්ධිය මාවෙයි සේනාධිරාජාට සැලකිරීමෙන් පසු පිටරට සිටින දෙමළ ජාතිකයන්ගේ ආධාරයෙන් අරමුදලක් අරඹා දූෂණයට ලක්වූ කාන්තාවනට මාස්පතා මාසික දීමනාවක් ගෙවීමට පියවර ගන්නා බව කියා ඇත.

එහෙත් උතුරු කාන්තා ක්‍රියාකාරිකයන් කියා ඇත්තේ එම දූෂකයාට එරෙහිව පියවර ගන්නා ලෙසයි. තමා ඔහු කවුදැයි නොදන්නා බව මන්ත්‍රීවරයා කියා ඇතැයි ද, ඔහු හිටපු දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) සාමාජිකයකු බව කියා ඇතැයි ද වාර්තා වේ.

ඉන්පසු කාන්තා ක්‍රියාකාරිකයන් සෙල්වම් අඩෙයිකලනාදන් හා ශ්‍රීධරන් යන මන්ත්‍රීන් හමුවීමට ගොස් ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුහු උතුරු පළාත් මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතාට ලේඛන ගත තැපෑලෙන් ලිපියක් යොමු කර ඇතැයි ද, එහෙත් මෙතෙක් උත්තරයක් ලැබී නැතැයි ද කියති.

උතුරේ කාන්තා ක්‍රියාකාරීකාවක වන මුතියා මුදන් සුගන්ධි උතුරේ දෙමළ වෙබ් අඩවියකට මේ බව  පවසා ඇත.

ඉන් පසු තම නිවස ඉදිරිපිටට ආ තරුණයන් පිරිසක් ඇයට බැණ වැදී දෙමළ ජාතික සංවිධානය විවේචනය නොකරන ලෙස කී බව ද ඇය කියන්නීය.

තමාට තර්ජනය කරන බව පොලිසියට දැනුම් දෙන බව කී විට කොල්ලන් පිරිස පලා ගිය බවත් සුගන්ධි කියයි.

උතුරේ ඇතැම් කාන්තා ක්‍රියාකාරිකයන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සංවිධානයට කිසිවක් නොකියන බව ද සුගන්ධි කියන්නීය.

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසූ විට ඒ ගැන සොයා බලා පිළිතුරක් දෙන බව කීවේය.

unnamed-(1)(1) unnamed(1) unnamed-(2)

 



අදහස් (0)

ටීඑන්ඒ ප්‍රා මන්ත්‍රී ගෑණු 56ක් කෙළෙසලා

අමිතා Monday, 10 August 2015 10:24 AM

මෙහෙමත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න පුළුවන්ද? (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site