IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටීඑන්ඒ නායකයාටත් දෙහි කපයි

උතුරේ අතුරුදන් වූවන් හා යුද අපරාධ සෙවීමටත් යුද සිරකරුවන් මුදා ගැනීමටත් දෙමළ ජාතික සංධානය අලස හා ගොළුබෙළි පිළිවෙතක් අනුගමනය කරතියි උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානය යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ගේ පඹයකු පිළිස්සීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ද විරෝධතාකරුවන්ගේ චෝදනාවට ලක් විය. ඔහු පැමිණ සිටියේ ද නැත.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව මාර්තු මාසයේ දී ඉදිරිපත් නොකර සැප්තැම්බර දක්වා කල් දැමීම ගැන ද ඔවුහු විරෝධය පළ කළහ.

රජයේ නිල නිදහස් උළෙලට පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ දී සහභාගී වීමෙන් ඔවුන් දෙමළ ජනයාට අසාධාරණයක් කළ බව ද උද්ඝෝෂකයෝ කීහ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එම උද්ඝෝෂණයට එක් වී සිටියේය.

සම්බන්දන් හා සුමන්තිරන් යන දෙදෙනා රජයට හිතවත්කම් දැක්වීම නිසා දෙමළ ජනතා අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකි වී ඇතැයි ද මානව හිමිකම් වාර්තාව ලබන මාර්තු මාසයේ ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු පැවසීය.

‘අතුරුදන් වූ ඥාතීන් තවම ජීවත් වෙතියි දෙමළ ජනතාව දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසා රජය ඊට විසදුම් දිය යුතුයි. අලුත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවාට වඩා ඔවුන්ගේ යහපත් ක්‍රියාවලින් දෙමළ ජනතාවට යහපතක් කරන බව පෙන්විය යුතුයි.

02(49) 04(31) 06(15) 07(17) 11(16)

 



අදහස් (0)

ටීඑන්ඒ නායකයාටත් දෙහි කපයි

මහේෂ් Monday, 23 February 2015 04:01 AM

අනිවාර්යෙන්ම දකුණේ යුද සමයේ මැරුණු හා අතුරුදන්වන් ගැනත් සාධාරණ පරීක්ෂණයක් සිදු කර නිසි දඩුවම් තිබිය යුතුයි (දිල්)

:       0       0

සමීර Sunday, 22 February 2015 09:38 AM

මහින්ද මහත්තයා නේද රටට නිදහස ලබා දුන්නේ (දිල්)

:       0       0

අකිල Sunday, 22 February 2015 10:14 AM

යුද්දෙන් විනාශ වුණේ දෙමළ මිනිස්සු විතරද ? දැන් ඔය විලාපය නවත්තලා හැමදෙනම එක්ව ඉදිරියට යන්න.(හේ)

:       0       0

සම්පත් Sunday, 22 February 2015 11:55 AM

සමාදානෙන් කිසි දෙයක් තේරුම් ගන්න මේ අයට බැහැ වගේ ..යුද ජයග්‍රහණ නොලැබුනානම් බලන්න තිබුණා මේ අයගේ අනාගත පරම්පරාවට වෙන දේ .(හේ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 February 2015 12:00 PM

නැවත ජාතිවාදය අවුසලා තවත් ලක්ෂ ගානක් බිල්ලට දෙන්නද මේ අය ලෑස්ති වෙන්නේ ,(හේ)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 12:49 PM

සමීර, භෞතික යුද්ධයට නිමකිරීමත් සමග කළ යුතුව තිබු දෙය නොකිරීම වරදක්.(හේ)

:       0       0

නලින් Sunday, 22 February 2015 04:55 PM

මේ අය තමයි ප්‍රභාකරන්ට සහයෝගය දුන්නේ. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 23 February 2015 12:02 AM

"වැඩි සෙනෙහස දබරයට "කියන්නේ ඕකට වෙන්න ඇති. (නි)

:       0       0

මොහාන් Monday, 23 February 2015 02:04 AM

යුද්ධයෙන් මියගිය හා අතුරුදන් වූ හමුදා සෙබලුන් ගැනත් පරීක්ෂණයක් පැවත් විය යුතුයි. (නි)

:       0       0

ශක්ති Monday, 23 February 2015 02:21 AM

ඉවසීමෙන්,කල්පනාවෙන් කටයුතු කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site