IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ඥානසාර හිමිට සංශෝධිත චෝදනා පත්‍රයක්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප‍්‍රගීත් එක්නැලිගොඩ නඩුවේදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරමින් එම හිමියන්ට එරෙහි සංශෝධිත චෝදනා පත‍්‍රයක් නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (13)  ඉදිරිපත් කළේය.

මීට පෙර ඉදිරිපත් කර තිබූ චෝදනාපත්‍රය සංශෝධනය කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබිණි. ඒ අනුව මෙම සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කළේය.

පෙත්සම එස් තුරෙයිරාජා මහතා ඉදිරියේ සලකා බැලිණි.

2016 ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති නඩුවක දී අධිකරණයේ ගෞරවයට අභියෝග කිරීම, නඩුවක සැකකරුවන්ට ඇප දෙන ලෙස කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම සහ එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතීඥවරයාට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් ඥානසාර හිමිට එරෙහිව ඉදිරිපත් කර තිබේ.



අදහස් (0)

ඥානසාර හිමිට සංශෝධිත චෝදනා පත්‍රයක්

රන්ජිත් Thursday, 13 October 2016 06:54 PM

අර උසාවියට ගල්ගහපු කෙනාට චෝදනා කීයද? (නි)

:       0       0

දමිත පෙරේරා Thursday, 13 October 2016 07:59 PM

කෝ මේ භද්‍රානි? නැද්ද අද අදහසක් කියන්නේ? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 13 October 2016 09:57 PM

ඔවැනි ප්‍රශ්න හමුවේ ගලක් අතට ගන්නවද? නැත්නම් සත්‍යක්‍රියා කර මහත්ම ගාන්ධි වගේ වෙනවද? සිරිවීර (අ)

:       0       0

රුවන් හෙට්ටිආරච්චි Thursday, 13 October 2016 10:24 PM

සිංහලයන් වෙනුවෙන් , රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ඔක්කොම හිරගෙට.කොටින්ට ,බටහිරට ඕන විදියට නටන ලෝකේ එකම රට ලංකාවයි. සිංහලයන් වෙනුවෙන් ඉන්න හාමුදුරුවන් දඩුවම් දෙන්න කියනවා. මේක කළේ වව්නියාවේ විග්නේශ්වරන් කොටියට එරෙහිව තිබ්බ උද්ඝෝෂණට පලිගන්න (අ)

:       0       0

රසික Friday, 14 October 2016 10:48 AM

කරන දෙයක් කරගන්න ශාසනේට අපහාස නොකර (රේ)

:       0       0

රොමේෂ් Thursday, 13 October 2016 01:53 PM

සැමදේම රටේ නීතියට යටත්බව ගැන අවබෝධයක් නොමැති අය නිසා තමයි අපරාධ වැඩිවෙලා තියෙන්නේ. දඬුවමට තරාතිරමෙන් බාධාවක් නොවිය යුතුයි. (බ)

:       0       0

සජී Friday, 14 October 2016 02:21 AM

ගහන්න ගහන්න වඳින එකත් මෝඩයලු. වඳින්න වඳින්න ගහන එකත් මෝඩයලු (නි)

:       0       0

සජී Friday, 14 October 2016 02:29 AM

උත්තරීතර අධිකරණයට ගල්ගැසූවන්ට මේ නීතිය අදාළ නැද්ද? (නි)

:       0       0

අශෝක Friday, 14 October 2016 07:22 AM

රොමේෂ්, විකුම් රංගන ඔබල වගේ අපි අපේ මව් බිමට ද්‍රෝහී වෙන්නේ නෑ. අපේ රණ විරුවන් වෙනුවෙන් බය නැතිව කතා කල ඥානසාර හාමුදුරුවෝ අපේ රටේ ජාතික වීරයෙක්! (අ)

:       0       0

විකුම් රංගන Thursday, 13 October 2016 04:12 PM

මේ අය පන්සල් ඇතුළට රිංග ගත්තාම රටට හා දහමට මොකද වෙන්නේ? (බ)

:       0       0

සහන Friday, 14 October 2016 03:14 AM

සිවුරු ඇදගෙන නීතියට උඩින් යන්න හිතෙනවානම් එක ඒ අයගේ මහා බොලද වැඩක් (ම)

:       0       0

වජිර ගුණසේකර Thursday, 13 October 2016 05:03 PM

රටේ නිදහස වෙනුවෙන් තම ජීවිත කැපකළ රණවිරුවන්ගේ නිදහස නැති කරනකොට, එයට විරුද්ධනොවී ඉන්න මේ රටේ මිනිස්සු දැනගන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site