ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ගැටලු කිසිවක් නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය විය.
වයසත් සමඟ බයිඩන් මුහුණ දෙන ශාරීරික දුර්වලතාවලට ඔහු නොකඩවා ඖෂධ ලබා ගන්නා බව ද වෛද්‍ය පරීක්ෂණයේ දී අවධානයට ලක් විය. වොෂින්ටන් වෝල්ටර් රීඞ් වෛද්‍ය මධ්‍යස්ථානයේදී, වෛද්‍ය පරීක්ෂණය සිදු කළේ ධවල මන්දිර වෛද්‍යවරයාගේ මැදිහත් වීමෙනි.
අවුරුදු 81 ක් වුවත්, තමන් තරුණයකු මෙන් නිරෝගීව සිටිනවා යැයි වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කරමින් වෝල්ටර් රීඞ් දෛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් තමන්ට විහිළු කළ බව ද බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
වාර්ෂිකව ඇමෙරිකන් ජනාධිපතිවරයා කායික සහ මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම ඇමෙරිකාවේ සම්ප්‍රදායයි. බයිඩන්, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ දෙවැනි ධුර කාලය වෙනුවෙනි.
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ ද බයිඩන්ය. බයිඩන්ට අභියෝගයක් වනු ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක 77 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප්ය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජෝ බයිඩන් මෙඩිකල් පාස්