IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජී.එස්.පි. ප්ලස් 2027 තෙක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය.

පසුගිය වසරේ පමණක් යුරෝ බිලියන 3.2 ක අපනයන ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට සිදු කර තිබෙන බවත් මෙරට විශාලතම වෙළඳ හවුල්කරුවන් ලෙස යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ජී.එස්.පී ප්ලස් සහනයේ ඇති වැදගත්කම හොඳින් වටහාගෙන ඇති බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.

යෝජිත නව ජී.එස්.පී ප්ලස් සහනයේ විධිවිධාන සම්බන්ධයෙන් වන සාකච්ඡා තවමත් යුරෝපා සංගමයේ නීති සම්පාදකයන් අතර සිදුවෙමින් පැවතීම හේතුවෙන් වසර හතරක කාලයක් සඳහා පවතින ජී.එස්.පී ප්ලස් සහනය දීර්ඝ කිරීමට යෝජනා කළ බව යුරෝපා සංගමය පවසා ඇත.

ඒ අනුව පවතින ජී.එස්.පී ප්ලස් සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවත් පවතින ජී.එස්.පී ප්ලස් සහනයේ විධි විධානයන් කිසිවක් වෙනස් නොවන බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.

 



අදහස් (2)

ජී.එස්.පි. ප්ලස් 2027 තෙක්

බද්රානි Wednesday, 19 July 2023 09:25 PM

චීනේටයි, රුසියාවටයි ආවඩන, යුරෝපය හා ඇමරිකාව ඇලජික් ජාතියකට ඔවුන් මොකට උදව් කරනවද මන්දා? සමහරවිට සත්තුන්ට පවා කරුණාව දක්වන ඔවුන් මෙහෙ බල්ලන් බුරන සද්දේ ගණන් ගන්නේ නැතිව ඇති... සත්තුන්ට මොලයක්, බුද්ධියත් නොමැති බවත් ඇමරිකානුවන් හා යුරෝපීය ජාතිකයින් හොඳින් දන්නවා ඇතිනේ...

:       0       0

Rasika Thursday, 20 July 2023 03:25 PM

කෝ අර උඩපැනපු අය? තවත් සටන් පාටයන් නැතිවුනා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site