
( ප්‍රසංග පෙරේරා)
ජාඇල, වැලිගම්පිටිය ,ආනා මාවතේ නිවාස තුනකට අද (24) අලුයම T 56 ගිනි අවියකින් ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.පැමිණි දෙදෙනා ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 38 ක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
නිවාස තුනකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර සැකකරුවන් ගේ ඉලක්කය වී ඇතැයි සැකකෙරෙන නිවසේ පුද්ගලයන් කිසිවකු වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිට නොමැති බව කියයි.
වෙඩි වැදී ඇති තවත් නිවසක පුද්ගලයන් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ විනෝද ගමනකට සහභාගී වෙමින් සිට ඇත.වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇතැයි පොලිසිය සැකකරන නිවසට ඉකුත් 15 දිනද මේ ආකාරයට ම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවද පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජා ඇල නිවාස තුනකට වෙඩි
sam Wednesday, 25 December 2024 06:07 AM
එක දෙයක් පැහැදිලියි. මේ කට්ටියම මොකක්හරි නීති විරෝධී වැඩකට සම්බන්ධ අයයි.