IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ජී.රාජපක්ෂගේ ගේ බලන්න නි.ඇමති යයි

(අංජුල මහික වීරරත්න)

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂගේ නිවස බලන්නට නිවාස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා එහි ගියේය.

අදාළ ප්‍රශ්න ගත නිවසේ විදුලි බිල් පවා ජී .රාජපක්ෂ නමැත්තකුගේ නමට තිබුණද ඊට අයිතිවාසිකම් කීමට කිසිවකුත් ඉදිරිපත් වී නොමැති හෙයින් අදාල නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමට රජය කටයුතු කළේය.

අදාල නිවෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ වාරි මාර්ගයට අයත් රක්ෂිත භූමියක මෙම නිවස ඉදිකර ඇති බවයි.කිසිදු අවසරයකින් තොරව එම නිවස ඉදිකර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

අදාල නිවස ඉදිකරද්දී ගමේ ග්‍රාම නිලධාරීවරයා ඊට විරුද්ධ වී ඇති බවත් නමුත් බලය පාවිච්චි කර අදාල ඉදිකිරීම කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා සඳහන් කළේය.

අනාගතයේදී මෙම ඉදිකිරීම ඵලදායී කටයුත්තක් සඳහා යොදාගන්නාා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි අදාළ නිවස තමාගේ නොවන බවයි.

 



අදහස් (3)

ජී.රාජපක්ෂගේ ගේ බලන්න නි.ඇමති යයි

ඇන්ඩෘ සෙබඩවිල Sunday, 19 October 2025 06:04 PM

පාස්කු බෝම්බේ ගෝඨාගෙ නමට බැර කරන්න උත්සාහ කරනවා වගේ මේකත් කොහොම හරි එයාගේ කරේ ගහන්න බලමු. ඊට පස්සේ සතියක්, දෙකක් ඒක ඇදගෙන යන්න කියලා කියමු.

:       45       14

Hafeel Sunday, 19 October 2025 06:34 PM

ඔව් ඇන්ඩෲ... ඔහු කූඹියෙකුටවත් හානි නොකරපු අහිංසකයෙක්...

:       11       25

අන්දරේ බේරේවලSunday, 19 October 2025 06:57 PM

ටොයිලට් වලවල් ඉසීම බාරගනු ලැබේ. පහසු මිල ගණන්. සමහර අයගේ නොමිලේ ඉසදෙනු ලැබේ.

:       1       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1079 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site