IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන්

(ටී.කේ.ජී.කපිල )

රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද(30 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

 විජේ බාලක්‍රිශ්ණන් , රම්‍යා නාගර්කෝවිල් , ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි  ගායන ශිල්පීන් පිරිස වූහ .

මෙම පිරිස (අද)30 දින දහවල් 11.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් මෙම පිරිස පිළිගැනීම සිදු කළහ .

මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .

හෙට(01 )ද තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .



අදහස් (10)

ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන්

Hafeel Tuesday, 30 April 2024 02:22 PM

ජනතාව හැටියට අපි හරියට දන්න නැහැ මේකට වියදම් කරන්නේ මහජන මුදල්ද කියල? එහෙම මහජන මුදලින් නම්, මේ පාලකයෝ අද රට පත් කරපු තත්වයට මෙහෙම කරන එක බරපතල වැරැද්දක්.

:       8       83

senaTuesday, 30 April 2024 04:03 PM

නැතිව රනිල් ගෙදරින් සල්ලි ගෙනත් කරනවා නෙවෙයිනේ...!

:       4       20

hemantha Tuesday, 30 April 2024 02:41 PM

අදයි ඇහුවේ මෙහෙමත් ගායක පිරිසක් ඉන්න බව. අයියෝ සල්ලි...!

:       3       20

chinthaka Tuesday, 30 April 2024 02:55 PM

ලෝක කම්කරු දිනය කියන්නේ මේවාටද?

:       4       17

ලුම්බිණි Tuesday, 30 April 2024 03:02 PM

ඔක්කොටම පිස්සුව වැඩි වේගන එන බවකුයි පෙනෙන්නේ.

:       4       20

මහසෙන් Tuesday, 30 April 2024 03:25 PM

නමටනේ මැයි දිනේ. තියෙන්නේ කානිවල්නේ දැන්. අවුරුදු ගාණක ඉඳන් කමක්නෑ... තවමත් සිස්ටම් චේන්ජ් කරන ගමන්නේ ඉන්නේ...!

:       1       18

ජයනාත් Tuesday, 30 April 2024 03:41 PM

අපෙන් මංකොල්ල කන බදු මුදල් වලට වෙන්නේ මෙන්න මේ ටික තමයි. ජාතික මැයි දිනයක් කියලා එකක් තියෙන්නේ ලංකාවේ විතරයි මම හිතන්නේ .

:       3       19

Ruwan Tuesday, 30 April 2024 04:26 PM

රටේ වැඩකරන ජනතාවගේ මෙන්ම සමස්ත රටවැසියාගේම දැවෙන ප්‍රශ්නයක් විසඳීමට රජය විසින් මේ ගත් ක්‍රියාමාර්ගයට රටේ ජනතාව විදියට මී ලග මැතිවරණයකදී යුතුකම් ඉටු කිරීමට අපි ආසාවෙන් බලා සිටිමු

:       2       22

Mohamed Ansar Tuesday, 30 April 2024 04:29 PM

දවසපුරා ,දෙමල,හින්දි,පංජාබි කියා ඉන්දියන් සිංදු අහන අපිට මේ ඇවිත් ඉන්න කට්ටිය කවුද කියලවත් .දන්නේ නැහැ!

:       2       22

sam Wednesday, 01 May 2024 01:05 PM

ලැජ්ජයි සෙනග නැති හින්දා සංගීතේ දාලා මිනිස්සු අද්දව ගන්න හදන්නේ.මේ පාලකයින්ට තේරෙන්නේ නැද්ද දැන් ඉන්න ජනතාව ඉස්සර වගේ මෝඩයෝ නෙමෙයි කියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි
2024 මැයි මස 17 69 0

කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා


චන්ද්‍රිකා ඉන්දුනීසියාවට
2024 මැයි මස 17 302 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.


රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි
2024 මැයි මස 17 221 0

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු


තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්
2024 මැයි මස 17 522 0

ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්ම


‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑතිලු‘‘
2024 මැයි මස 17 926 3

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.


රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්
2024 මැයි මස 17 211 0

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 760 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2299 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1970 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site