IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවක් එයි

(අංජුල මහික වීරරත්න)

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳ පොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරා ගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. 

එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම හෝ එම කමිටුවේ කාර්යභාරය නිර්ණය කිරීම සිදු කර නොමැත. ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන යෝජිත කාර්යය නිර්ණය අනුදේශ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ ඇත.

ඒ අනුව, එකී කාර්යය නිර්ණේය අනුදේශ සඳහාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව පත් කිරීම සඳහාත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවක් එයි

de silva Tuesday, 18 March 2025 05:13 PM

මේක නිසා දැනට තිබෙන තීරු බදු, වරාය බදු, රේගු බදු, සුඛෝපභෝගි බදු, හෛබ්රිඩ් බදු, සෙස් බදු, වැට් බදු, හාල් බදු වලට අමතරව තීරු බදු ප්‍රතිපත්ති බද්ද කියලා අලුතෙන් එකක් ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ.

:       0       0

chandima Tuesday, 18 March 2025 11:00 PM

භාන්ඩ වලට රෙගු බදු අයකරන්නෙ හිතුමතේටයි. එක් එක් නිලදාරිය සිය හැදුනුම්කම අනුව ගාස්තුව නියම කරනවා. අවසානයේ ගෙවියයුතු මුලු මුදල කියනවා. ඒ නිසා අයකල බදු විස්තරාත්මකව රේගු බදු ගෙවන්නාට සටහන් කොට ලබාදිය යුතුය. එමගින් වෙනත් කෙනෙකුට එම භාන්ඩයටම වෙනත් බදු මුදලක් අයකරන අවස්තාවක ඒ ගැන ප්රශ්න කිරීමට අයිතියක් ලබේ. බදු ගෙවන්නාට තමන්ගෙන් අයකල ගාස්තුව පිලිබන්දව දැනගනිමට අයිතියක් ඇතයි සිතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 1501 0

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩ සටහනක්
2025 මැයි මස 09 210 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 172 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1515 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 292 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 234 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site