(අංජුල මහික වීරරත්න)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාල සීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
* ස්ථාවර තැන්පතුවේ කාලසීමාව මාස 12ක් (වර්ෂයක්) වන අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයකි.
* බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට (AWFDR) අමතර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලී අනුපාතය ගෙවීම.
* සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30 ක ප්‍රතිපාදන වෙන් කිරීම.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජ්‍යෙෂ්ඨ තැන්පතු ගිණුම් වැඩි පොලියට කැබිනට් අනුමැතියක්